පැය 24යි… ඉලක්ක 55යි…. ISIS මස් වැද්දන් හාන්සියි…. (VIDEO)

පැය 24යි… ඉලක්ක 55යි…. ISIS මස් වැද්දන් හාන්සියි…. (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

තුර්කිය හරහා සිරියාවේ සිටින ISIS ත්‍රස්තයන්ට ප්‍රහාර එල්ල කිරීමට ගුවන් ගත කර තිබූ රුසියානු යුද ගුවන් යානයක් වෙත ප්‍රහාර එල්ල කර බිම හෙළන්නට තුර්කි හමුදාව කටයුතු කර තිබෙනවා.
ඒ සිය රටේ ගුවන් සීමාව උල්ලංගනය කරමින් රුසියාව විසින් දිගින් දිගටම සිදු කර තිබූ ගුවන් ගමන් හේතුවෙන් බවයි තුර්කි රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා පවසා තිබුණේ.
සිරියාව ආසන්නයේ ඇති තුර්කි දේශසීමාවේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
මේ අතර ගත වූ පැය 24 ක කාලය තුළ සිරියාවේ පිහිටි අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්ක 55 ක් වෙත රුසියාව ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. ඒවා ඉතා සාර්ථක බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.
අයි.එස්. සටන්කාමීන්ට එරෙහි ගුවන් ප‍්‍රහාර තවදුරටත් වැඩිකරන බවද ඔවුන් අවධාරණය කළා.
මේ අතර සිරියානු ගුවන් ප්‍රහාරවලදී එකිනෙක ගැටීම් වැළැක්වීම සඳහා රුසියාව සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි ඇමරිකානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කළේ.
රුසියාව අයි.එස්. ඉලක්කවලට පමණක් නොව ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහිවද ප්‍රහාර දියත් කරන බවද ඇමරිකාව මීට පෙර චෝදනා කළා. වීඩියෝව මෙතනින් නරඹන්න.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!