“පැතු වෙනස සැපට දැනෙයි…-අධිවේගී මාර්ග මෙන් සාමාන්‍ය පාරවල්වලිනුත් ගාස්තුවක් අය කරන්න යයි”

“පැතු වෙනස සැපට දැනෙයි…-අධිවේගී මාර්ග මෙන් සාමාන්‍ය පාරවල්වලිනුත් ගාස්තුවක් අය කරන්න යයි”

Spread the love
  •  
  •  
  •  
  •  

මෙතෙක් අධිවේගී මාර්ග වලින් පමණක් මාර්ග ගාස්තුවක් අය කළ රජය දැන් සාමාන්‍ය පාරවල්වලිනුත් මාර්ග ගස්තු අය කරන්න යයි. මේ අනුව මුලින්ම මාර්ග ගාස්තු අයකිරීමට යන්නේ හෝර්ටන් තැන්න නැරඹීමට පැමිණෙන සංචාරකයන් ගෙන් වාර්තා වෙයි. ඔවුන් හෝටර්න් තැන්නට ළගාවෙන වැලිමඩ, බොරලන්ද, ඔහිය, හාරේන්දපොල, අඹේවෙල මාර්ග මෙම ගාස්‌තු ක්‍රමයට අදාළ වේ.මෙම මාර්ග ගාස්‌තුවක්‌ අය කිරීමේ ක්‍රමවේදය බදුල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවේදි පසුගියදා අනුමත කෙරිණි. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම රැස්‌වීමේදී මෙම කාරණය සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණ අතර එම මාර්ග අවට සිටින සාමාන්‍ය ජනතාවගෙන් ගාස්‌තු අය නොකරන බවට තහවුරු වීමෙන් පසු සංචාරකයන්ගෙන් පමණක්‌ ගාස්‌තුවක්‌ අය කිරීමට වනජීවියට අවසර ලැබිණි.මේ අතර මෙම ක්‍රමය හෝර්ටන් තැන්නට පැමිණෙන සංචාරකයින්ගෙන් පමණක් නොනැවතෙන අතර එය මුළු දිවයින පුරා ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි බවයි ජනතාව පෙන්වා දෙන්නේ. ඒ අනුව කතරගම, අනුරාධපුර, නුවරඑළිය, යාපනය යන සංචාරකයින්ගේදී මෙම මාර්ග ගාස්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී ඉඩ ඇත.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!