පැතු වෙනස නිසා අනාගතයේදී දකුණු පළාත් කොඩිය හා උතුරු පළාත් කොඩි වෙනස් වෙයි..!

පැතු වෙනස නිසා අනාගතයේදී දකුණු පළාත් කොඩිය හා උතුරු පළාත් කොඩි වෙනස් වෙයි..!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ලංකාවේ පාර්ලිමේන්තුවේ 80%ක්ම ඉන්නේ හොරු, පාතාල නායකයින්, මිනී මරුවන්, රාජ්‍ය දේපළ අවභාවිතා කරන්නන්. මේ පිරිස පාර්ලිමේන්තු යැව්වේ ජනතාව. කුඩු රජා ලෙස හදුන්වන වෙලේ සුදා, සක්විති වගේ අයත් ඡන්දෙ ඉල්ලුවනම් උන් තමයි අද මේ රට පාලනය කරන ඇමැතිලා. ඒ තරමටම රටේ ජනතාව මෝඩ ජාතියක් වෙලා. තමන් ඡන්දය භාවිතා කරද්දී හිතන්න ඕන මේ මිනිහා පාර්ලිමේන්තු යවලා රටක් හදන්න තරම් මොළයක් තියෙන කෙලින් තීරණ ගත හැකි කොන්ද පණ තියෙන කෙනෙක්ද කියලා.වැරැද්දකට දේශපාලඥයෙක් අත්අඩංගුවට අරන් හෙට ඌව රිමාන්ඩ් කළොත් ජනතාව මැතිවරණයේදී තම වටිනා ඡන්දය භාවිතා කරන්නේ ඌ වෙනුවෙන්ය. ඇත්ත මේකය. මොළේ තියෙන හොද මිනිහෙක්ට කවදාවත් පාර්ලිමේන්තු යන්න බෑ, පාර්ලිමේන්තු යන්නනම් හොද හැටි හොරකම් කර ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕන කියන එක තමයි වත්මන් පාර්ලිමේන්තුව දිහා බැලුවම අපට තේරෙන්නේ.දැන් ලංකාවේ ආර්ථිකය වැටෙන්න ඕන අනන්තයටම වැටිලා ඉවරයි. හොරු ටික පාර්ලිමේන්තුවට යවලා ජනතාව දුක් විදිනවා. ලබන පාරත් මේ හොරු ටික පාර්ලිමේන්තු යවලා රටේ ඉතිරි ටිකත් විකුණමු කියල තමයි අන්තිමට කියන්න තියෙන්නේ.මෙහෙම ගියොත් ඉදිරියේදී දකුණු පළාත් සභා කොඩිය චීන කොඩියට සමාන විය හැකිය, උතුරු පළාත් සභා කොඩිය LTTE ත්‍රස්ත සංවිධානයේ කොඩියට සමාන විය හැකිය.

(Visited 67 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!