පැතිරීයන භීතියට තවත් 05ක් බිලිවෙයි

පැතිරීයන භීතියට තවත් 05ක් බිලිවෙයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ළමුන් පැහැර ගැනීමට පැමිණි කල්ලියක සාමාජිකයින් පිරිසක් යැයි වරදවා ඇති කර ගත් සැකයක් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකුට ඉන්දියාවේ ,මහරාෂ්ඨ ප්‍රාන්තයේ ගම්වැසියන් පිරිසක් විසින් එල්ල කල පහරදීමක් හේතුවෙන් ඉන් පුද්ගලයින් 05 දෙනෙක් මිය ගොස් ඇති බව NDTV පුවත් සේවය වාර්තා කරනවා.මහාරාෂ්ඨ ප්‍රාන්තයේ, ධුලේ නම් ගම්මානයේදී මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ගම්වැසියන් ගේ ප්‍රහාරවලින් මිදී තවත් පුද්ගලයින් දෙදෙනෙක් පලා ගොස් තිබෙනවා.මෙලෙස පහර කා මියගිය පුද්ගලයින් බස් රථයක් බලාපොරොත්තුවෙන් බස් නැවතුම්පලේ සිට ඇති අතර ඒ අවස්ථාවේදී කුඩා ළමයෙක් සමග කතා කරන අයුරු අසල සිටි ගම්වැසියන් පිරිසක් දැක තිබෙනවා. එම ගම්වැසියන් විසින් මෙම පුද්ගලයින් පිරිස දරුවන් පැහැර ගන්නා කණ්ඩායමක් ලෙස සැක සිතා පහරදී ඇති අතර අවසානයේදී එයට එකතුවූ තවත් පිරිස් මෙම පුද්ගලයින් 05 දෙනාට ගල් වලින් සහ පොලු වලින් පහරදී ඝාතනය කර ඇති බවයි මහරාෂ්ඨ පොලිසිය සඳහන් කරයි.එම පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙක් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!