“පාසැල් ගැටළුවත් මම විසදන්නම්” – සිරිසේන

“පාසැල් ගැටළුවත් මම විසදන්නම්” – සිරිසේන

Spread the love
  •  
  •  
  •  
  •  

වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේදී මතුව ඇති ගැටලූ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අතර ලබන සතියේදී සාකච්ඡාවක් කැඳවීමට ජනාධිපති සිරිසේන මහතා එකඟතාව පළ කර තිබේ. පවතින ගැටලූවට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සොයාගත හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කරයි. ඒ අතර,රට තුළ බමුණු කුලයක් නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන බවට එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි. එහෙත් එවැනි බමුණු කුලයක් නිර්මාණය කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජබර් රහුමාන් කියාසිටී. වෛද්‍යවරුන්ගේ දරු දැරියන්ට ජනපි‍්‍රය පාසල් ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන ඉල්ලීම් සම්බන්ධයෙන් මුජබර් රහුමාන් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ ඊට ප‍්‍රතිචාර දක්වමින්. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදි මෙම අදහස් පළ වුණි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!