පාර්ලිමේන්තුවේදී හුදකලා වූ ආණ්ඩුවේ එකම ඇමති කියූ දේ….?(වීඩියෝ)

පාර්ලිමේන්තුවේදී හුදකලා වූ ආණ්ඩුවේ එකම ඇමති කියූ දේ….?(වීඩියෝ)

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කළද, අධ්‍යාපන හා උසස් අධාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගීව සිටිනවා. ඔහු පාර්ලිමේන්තුව අමතමින් පැවති ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටි.ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත් ජාතික ආණ්ඩුව පැවති කාලයේ තම පාර්ශවයන් හරි හැටි මෙහෙයවා ගැනීමට නොහැකිවූ බවයි. මේ වනවිට පවතින දේශපාලන අස්ථාවර භාවය නිසා රට අකර්මණ්‍ය බවද ඔහු ප්‍රකාශ කරණ ලදී.විධායකයේ නියෝග ව්‍යවස්ථාදායකය පිළිනොගන්නා බවත්, ව්‍යවස්ථාදායකයේ සම්මත කරගන්නා දෑ විධායකය පිළිනොගන්නා බවත් ඔහු පෙන්වා දෙනවා. මේ වනවිට ව්‍යාවස්ථාදායකය සහ විධායකය අතර ඇතිව තිබෙනව ගැටුම නිරාකරණය කරීම ජනාධිපතිවරයාත් කතානායකවරයාත් විසින් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේ නොවන්නේනම් රටේ අනාගතය අඳුරු වියහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. කතානායකවරයාට මේ පවතින තත්ත්වය විසඳීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡාකොට දිනක් දෙකක් ඇතුළත බහුතරය ඇති කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීමට මැදිහත්වන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයාටද මේ සම්බන්ධයෙන් තමා පවසා ඇති බවත් එම පාර්ශවයෙන්ද ඒ පිළිබඳව කැමැත්තක් ඇතැයිද ඔහු පෙන්වා දෙයී.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!