“පාප් වහන්සේ මේ වෙලාවේ ලංකාවට ගෙන්වීම අමනෝඥ තක්කඩි ක‍්‍රියාවක්” – දිවැසිවරු කතෝලික සංවිධානය

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපතිවරණ මැතිවරණය පවත්වා දින කිහිපයක් ඇතුලත පාප් වහන්සේ මෙටරටට ගෙන්වා ගැනීමට සැලසුම් කිරීම එතුමන්ට කරන අපහාසයක් අවමානයක් බව දිවැසිවරු කතෝලික සංවිධානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පාප් වහන්සේගේ ලංකා සංචාරය මේ වන විට යෙදී තිබෙන්නේ ජනාධිපතිවරණය ඉතා ආසන්නයේය මේ වන විටත් පාප් වහන්සේගේ රුව රැුගත් පෝස්ටර් හා කටවුට් රජයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු සදහා ඇතැම් පෙදෙස් හී කිසිම හිරිකිතයකින් තොරව රජයේ පාර්ශචවයන් මැතිවරණ ප‍්‍රචාර කටයුතු සදහා යොදා ගනිමින් සිටී. කතෝලික සභාවද මේ සම්බන්දයෙන් මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කිරීමෙන් එහාට කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැතිවීම විශාල ඛෙදවාචකයකි.

ජනාධිපතිවරණයක් කට ලග තිබියදී පාප් වහන්සේ මෙරටට වැඩම කරවීමට ගත් තීරණය කතෝලික සභාව විසින් මෑත කාලීනව ගත් ලොකුම අමනෝඥ තක්කඩි ක‍්‍රියාව වේ. මෙය මුල සිටම රජය විසින් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එය ස`දහා ප‍්‍රචාරණ ක‍්‍රියාවලියක් ලෙස සංවිධානය කරන ලද්දක් බව මේ හා අදාල ඉතිහාස හා වර්ථමාන සිද්ධීන් සියල්ලම එකිනෙක ගෙනහැර බැලීමේදී අපූරුවට පැහැදිලි වේ. ආරක්ෂක ලේකම්වරයා වතිකානයට ගොස් පාප් වහන්සේට ආරාධනා කරන්නෙත්, ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාප් වහන්සේට ආරාධනා කිරීම ස`දහා වතිකානයට යන්නේත්, කතෝලික රදගුරු මඩුල්ල මෙම සංචාරය ස`දහා අනුමැතිය දෙනු ලබන්නෙත් ජනාධිපතිවරණය පැවැත්වෙන බව දැන දැනම බව අපට උපකල්පනය කළ හැකිය. මෙය කතෝලික සභාවේ ඇතැම් නායකයින් හා රජය අතර සිදුවූ දේශපාලන සම්මුතියක් බවත් මේ ස`දහා ඇතැම් අන්තවාදී බෞද්ධ සංවිධානවල බලපෑම්ද සිදුව ඇති බවත් අපට ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි.

නියමිත කාලයට වඩා වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය තීරණය කලේ පසුගිය මාසයේ හෝ දෙකේදී නොවේ. එයට ජ්‍යෙතිශවේදීන් දින ලබා දුන්නේද නැකැත් බැළුවේද පාප්වහන්සේට ආරාධනා කිරීමට මත්තෙන් බව අපගේ අදහසයි. දැන් පාප්වහන්සේට කටයුතු කිරීමට සිදුව ඇත්තේද නැකැත් කරුවන්ට රිසි පරිදිය. රජය පාප් වහන්සේට ආරාධනා කරන්නටත් උන් වහන්සේගේ දින නියම කිරීමට පෙර ජනාධිපතිවරණයක් 2015 මුලදී පැවැත්වෙන බව දැන නොසිටියා වන්නට බැරිය. කතෝලික සභාවට මෙය නොදන්නවා යැයි අප නොසිතමු. අපගේ අදහස නම් වත්මන් කතෝලික සභාව රාජපක්ෂ පාලනයට කඬේ යාමේ කූඨප්ප‍්‍රාප්තිය මෙය බවයි.

මින් පෙර වක‍්‍රාකාරව මෙම රජයට කඬේ ගිය කතෝලික සභාවේ ඇතැම් නායකයින් එය නිර්ලැජ්ජා ලෙස එලිපිටම සිදු කිරීම කතෝලිකයින් වන අපට නම් කම්පනයකි. එය ක‍්‍රිස්තුන් වහන්සේගේ මූලික හරයන් අමු අමුවේම උල්ලන්ඝනය කිරීමකි. ‘සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැයි’ ජේසුස් වහන්සේ පැවසූ වදන් අමු අමුවේ උල්ලංඝනය කරමින් ‘දෙවියන් වහන්සේගේ දේත් සීසර්ට පාවා දීම’ අපට එලිපිට දකින්නට ලැබේ.

පාප් වහන්සේගේ ලංකාවට වැඩමවීම නිල වශයෙන් ප‍්‍රකාශ කරනු ලබන මාධ්‍ය හමුවේදී මාධ්‍ය අමතා කාදිනල් හිමියන් කළ කතාවේ පැහැදිලිව ඇත්තේ පාප් වහන්සේ මැතිවරණයක් පවතින අවස්ථාවන්හීදී කිසිම රටකට වැඩම නොකරන බවත් එය උන්වහන්සේගේ දැඩි ප‍්‍රතිපත්තියක් බවත්ය. මැතිවරණයකට මාසයක් ඇතුලත උන්වහන්සේ කිසිම රටකට වැඩම නොකරන බව තමා ජනාධිපතිවරයාට දන්වා යැවූ බවත් එයට ලැබෙන පිලිතුරට අනුව පාප්වහන්සේගේ සංචාරය සිදුකිරීමට හෝ අවලංගුවීමට ඉඩකඩ ඇති බව එහිදී කාදිනල් හිමි ප‍්‍රකාශ කරනු මාධ්‍ය හරහා කාටත් දැකගත හැකි විය.

වර්ථමානයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ජනවාරි 8 වැනිදාය. පාප් වහන්සේ ලංකාවට පැමිණෙන්නේ ජනවාරි 13 වැනිදාය වෙනස දින 5කි. ජනාධිපතිවරණයෙන් පසු අඩුම තරමේ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වී සියල්ල යථා තත්වයට පැමිණීමට දින 3ක් වත් යනු ඇතැයි නිගමනය කළහොත් පාප් වහන්සේගේ ගමන සදහා සූදානම් වීමට ඉතිරි දින දෙක සෑහේද? යම් විදිහකින් එ් දින දෙකත් පශ්චාත් මැතිවරණ ගැටුම්කාරී දින දෙකක් වුවහොත් පාප් වහන්සේගේ ලංකාගමනට කුමක්වේද? කතෝලික සභාවේ ප‍්‍රධානීන් අප උතුම් නායකයාණන්ව ලංකාවට වැඩමවීමට උත්සාහ කරන්නේ මෙවැනි ගැටුම්කාරී දේශපාලන අස්ථාවරභාවයක් මැදද? දින දෙකක් වැනි සූදානම් වීමට කාලයක්වත් නොමැතිව කිසිම සූදානමක් නැතිවද?

මෙවැනි අස්ථාවරභාවයක් තුළ මුළු ලොවම ගෞරව කරන, ලෝකයේ බහුතරය අදහන ආගමේ උතුම් නායකයාණන්ව, වතිකානු රජයේ රාජ්‍ය නායකයාණන්ව ලංකාවට වඩම්මවා උන්වහන්සේ හෑල්ලූවට ලක්කර උන් වහන්සේගේ ගෞරවය කෙලෙසීමට කතෝලික සභාවේ නායකයින් කිහිපදෙනෙකුට හා රජයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුට ඇති අයිතිය කුමක්ද?

මෙයට පෙර විධායක ජනාධිපතික‍්‍රමයේ නිර්මාතෘ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ප‍්‍රකාශ කරනු ලැබුවේ විධායක ජනාධිපතිවරයාට කළ නොහැක්කේ ගැහැනියෙකු පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැනියෙකු කිරීමත් පමණක් බවයි. නමුත් වර්ථමානයේ පාර්ලිමේන්තුව දෙස බැලීමේදී පෙනී යන්නේ ගැහැනුන් පිරිමින් වී සහ පිරිමින් ගැහැණුන් වී සිටින අන්දමයි. අද කතෝලික සභාවේ බොහෝ පිරිමින් ගැහැණුන් කිරීමටද මේ විධායක ජනාධිපති ක‍්‍රමය සමත් වී තිබේ.

එය ඉන් එහාට ගොස් අද වන විට විධායක ජනාධිපති බලතලයෙන් ලෝකයේ ප‍්‍රබලම ආගමික නායකයා වන පාප් වහන්සේගේ සාම්ප‍්‍රදායක ප‍්‍රතිපත්තිය පවා වෙනස් කිරීමට සමත්ව ඇති ආකාරයක් අපට පෙනේ. නමුත් අප උතුම් නායකයාගේ ප‍්‍රතිපත්ති පාවා නොදී එ්වායේ ගෞරවය රැුකීමටත් එම උතුම් නායකයා හෑල්ලූවට ලක් නොකර උන් වහන්සේගේ පෞඪත්වය රැකගැනීමේ වගකීමත් කතෝලික සභා නායකයින් ප‍්‍රමුඛ කතෝලිකයින්ගේ වගකීම වේ. ඔබේ දේශපාලනය ඔබ කැමති ලෙස කරන්න. නමුත් අප උතුම් නායකයා වන පාප්වහන්සේගේ ගෞරවය එම පටු දේශපාලනයට පාවා නොදෙන්නයි අපි කතෝලික සභා නායකයින්ගෙන් ඉල්ලා සිටිමු.

මේ වන විටත් රජයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දක්වමින් හිරිකිතයකින් තොරව පාප් වහන්සේගේ පෝස්ටර් කටවුට්, බැනර් එල්ලෙමින් පවතී. ඇතැම් රාජ්‍ය නාලිකා තුලින් පුන පුනා පවසන පරිදි අපට සිතෙන්නේ පාප් වහන්සේ ලංකාවට පැමිණෙන්නේ භාග්‍යවත් ජුසේවාස් පියතුමා ශුද්ධවරයට එසැවීමට හෝ කතෝලිකයින්ට ආශිර්වාද කිරීමට නොව වත්මන් රජයේ ජනාධිපති අපේක්ෂකයා බලයට පත් කිරීමේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීමට හෝ ආශිර්වාද කිරීමට පමණක් බවයි. පාප් වහන්සේගේ සංචාරය ඉතා නිර්ලැජ්ජා සහගත ලෙස තම මැතිවරණ ව්‍යාපාරය ස`දහා රජයේ මාධ්‍ය හරහා යොදා ගන්නා ආකාරය දුටු විට කතෝලිකයින් ලෙස අපට දැඩි සංවේගයක් දැනේ. මේවා දැක සැක මුනිවත රකින කතෝලික සභාවේ නායකයින් ගැන කළකිරීමකුත් කෝපයකුත් ඇතිවේ. මේ සම්බන්ධයෙන් කතෝලික පියතුමන්ලා විශාල ප‍්‍රමාණයක්ද සිටින්නේ තරහකින් හා කළ කිරීමෙන් බව අප දනිමු. නමුත් මේ වෙනුවෙන් නගන හ`ඩ යටපත් කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

අනිත් කරුණ නම් කතෝලික ජනතා ප‍්‍රශ්න හා සභාවේ ප‍්‍රශ්න වෙනුවෙන් මැදිහත් වුන හා පෙනී සිටි එකම කතෝලික සංවිධානය වන ‘කිතු හඩ’ කතෝලික දහම රැුක ගැනීමේ සංවිධානයද මෙම කාරණාවේදී නිහඩව මුනිවත රැුකීම අපට ගැටළුවකි. ඔවුන් පසුගියදා පාප් වහන්සේගේ සංචාරය ආසන්නයේදී ජනාධිපතිවරණයක් යොදා නොගන්නා ලෙස ඉල්ලා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් දැක ගන්නට ලැබුණි. මෙයට පෙර කතෝලික සභාවේ ඇතැම් ප‍්‍රශ්න ස`දහා ප‍්‍රබලව මැදිහත්ව කටයුතු කරනු අප දුටුවෙමු. නමුත් මෙම ගැටළුවේදී ඔවුන් දියාරු මුනිවත රැුකීමේ පියවරක් අනුගමනය කරන්නේ මන්දැයි අපටද ප‍්‍රශ්නයකි. ‘කිතුහ`ඩ’ සංවිධානය පාප් වහන්සේගේ සංචාරය දේශපාලනීකරණය කිරීම අනුමත කරනවාද? කතෝලික සභාව මේ අවස්ථාවේ ක‍්‍රියාකරන ආකාරය අනුමත කරනවාද? ඡුන්ද ප‍්‍රචාරණ කටයුතු සදහා පාප්වහන්සේව යොදා ගැනීම අනුමත කරනවාද? එසේත් නැත්නම් ඔවුන්ද මෙම කුමන්ත‍්‍රණයේ කොටස්කරුවන්ද? එසේත් නැතිනම් ඔවුන්ව පවා මේ වන විට නිහ`ඩ කර මර්දනය කර ඇතිද? මේ ස`දහා විවෘත සංවාදයකට අළුතින් බිහි වූ කතෝලික සංවිධානයක් වන ‘දිවැසිවරු’ සූදානම්ය.

අවසාන ලෙස පාප් වහන්සේගේ ලංකා සංචරයේදී හෝ මෙම මැතිවරණ ව්‍යාපාරයේදී අප උතුම් නායකයාණන් වන පාප් වහන්සේට වන සියළුම අගෞරවයන්, මදිපුංචිකම්, උන්වහන්සේව අවභාවිතයට ගැනීම් සම්බන්ධව කතෝලික සභා නායකයින් වගකීම ගත යුතු බවද අප දැඩිසේ ප‍්‍රකාශ කරන්නෙමු. එ් වෙනුවෙන් පෙනී සිට ‘දිවැසිවරු’ ඉදිරියේදීද අපට අයත් දිවැසිවර කාර්්‍යය කරන්නෙමු.

ස්තුතියි.

දේව මෑණියන්ගේ පිහිටයි

එම්. ඞී. ලියොන් ජෝශප් පයස්
කැදවුම්කරු
දිවැසිවරු – කතෝලික සංවිධානය [sexypoll id=”9″]

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!