පාපතර මවගේ අනියම් පෙම දළුලයි – තම දියණිය සහ ඇගේ සැමියා මරා පාලු වලට විසිකරයි(VIDEO)

පාපතර මවගේ අනියම් පෙම දළුලයි – තම දියණිය සහ ඇගේ සැමියා මරා පාලු වලට විසිකරයි(VIDEO)

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ආතර් සිල්වා මාවතේ පිහිටි නිවසකදී සිය බිරිඳ පිහියකින් ඇන ඝාතනය කර පසුව සැමියා ද සියදිවි නසාගත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය බිරිඳගේ මව සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු ඊයේ (8) සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.බිරිඳව ඝාතනය කර පසුව ඔහුද නිවස පිටුපස අඩි 75 ක් පමණ වන ගල් වලකට පැන සියදිවි හානි කර ගෙන ඇති බවට මියගිය කාන්තාවගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.ඝාතනය කරනු ලැබු කාන්තාව එක්දරු මවක් බවයි වාර්තාවුණේ. ඇය නෙලුබැව ග්‍රාමීය රෝහලේ හෙදියක් ලෙස සේවය කළා.මියගිය දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ බිරිඳගේ ඝාතනය තියුණු අවියකින් ඇන තුවාල සිදු කිරිමෙන් සිදුවු මරණයක් බවත් ඇගේ සැමියාගේ මරණය හුස්ම හිරවිමකින් සිදුවු මරණයක් බවයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (9) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

(Visited 120 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!