පාඨලීගේ අනුගාමිකයෙක් බිරිඳගේ රහසඟට මෝල් ගසක් ඇතුළු කරලා… පැය 5ක සැත්කමක්….

පාඨලීගේ අනුගාමිකයෙක් බිරිඳගේ රහසඟට මෝල් ගසක් ඇතුළු කරලා… පැය 5ක සැත්කමක්….

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

අඹුසැමි යුවලක් අතර ඇති වූ පවුල් ආරවුලකින් පසු සැමියා විසින් බිරිඳට දරුණු ලෙස පහරදී ඇගේ රහසඟ තුලට මෝල් ගසක් (කුඩා වංගෙඩිවලට භාවිත කරන) ඇතුලූ කිරීම නිසා ගම්පොල ශික්‍ෂණ රෝහලට රැුගෙන ගිය ඇයට පැය 5 ක පමණ සැත්කමක් සිදුකර ඇති බව සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන පුස්සැල්ලාව පොලිසිය පවසයි.
ගම්පොළ නයාපාන ප‍්‍රදේශයේ 43 හැවිරිදි දෙදරු මවක් මෙසේ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම අඹුසැමියන් අතර ආරවුල හටගත් පසු සැමියා විසින් බිරිඳගේ දෙඅත් මල් කපන පිහියකින් කපා ඇති බවත් පසුව හිසට පහර දී බිරිඳ බිම වැටුනු පසු මෝල් ගස රැුගෙන ඇගේ රහසගට තබා එහි අනෙක් කෙළවරට බර දෙයකින් පහරදී සිරුර තුලට ඇතුල් කර ඇති බව පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය වී තිබේ.
මෙම ආරවුල හට ගන්නා වෙලාවේ මෙම කාන්තාවගේ 16 හැවිරිදි වැඩිමහල් පුතු නිවසේ සිට ඇතැත් පියා අත මල් කපන පිහිය තිබූ නිසා ආරවුල නැවැත්වීමට නොහැකිවී ඇති බවද හෙළිවී තිබේ.
මෙම පහර දීමෙන් පසු පියා එම ස්ථානයෙන් පිටවන තුරු රැුදී සිටි පුතා මවගේ ශරීරයේ රැුඳී ඇති මෝල්ගස සමඟම ඇය ගම්පොල රෝහලට රැගෙනවිත් තිබේ.
පුස්සැල්ලාව පොලිසිය පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගේ දෙඅත් කැපීමට යොදාගත් තියුණු පිහියද සොයා ගෙන තිබේ.
සැකකරු නාවලපිටිය මහෙස්ත‍්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කල පසු මෙම මස 23 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
ගම්පොල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ ස.පො.අ.යු.බී පලිහවඩන යන නිලධාරින්ගේ උපදෙස් මත පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.පරීක්‍ෂක සරත් බණ්ඩාර පළිපාන පොලිස් කොස්තාපල්වරුන් වන (45209) සෙනරත් (22322) උපතිස්ස යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

ගම්පොල – සුරංග දිල්හාන්

(Visited 127 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!