පාට පක්ෂ නොබලා දේවානි රටට හෙළිකළ මීගමුවේ කඩොලාන විනාශය

පාට පක්ෂ නොබලා දේවානි රටට හෙළිකළ මීගමුවේ කඩොලාන විනාශය

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

මීගමුව මුන්නක්කරයේ රෙජිනා පාර අසල දූපතේ ඇති කඩොලාන ශාක කපා දමා එම ප්‍රදේශය තුළ පිට්ටනියක් සෑදීමේ උත්සාහයක කිසියම් පිරිසක් යෙදී සිටීමේ සිද්ධියේදී අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය විසින් නීති විරෝධීව කරන එම කටයුත්තට විරුද්ධව ඉදිරිපත් වීම ගැන බොහෝ පරිසර සංවිධාන සිය සතුට පළ කරති. මීගමුව මුන්නක්කරය රෙජිනා පාර අසල දූපතේ ඇති කඩොලාන ශාක කපා දමා එම ප්‍රදේශය තුළ ක්‍රීඩා පිටියක් සෑදීමේ උත්සාහයක් 2018 වර්ෂයේදී ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්න්ධව වනජීවී දෙපාර්තමේන්තුව විසින් කඩොලාන කපා පරිසරය විනාශ කිරීමේ සිද්ධියට දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර සිටියහ. ක්‍රීඩාපිටිය සඳහා බව කියමින් කඩොලාන කපා ඉවත් කර ඇති භූමිය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බවත් එම භූමිය නීති විරෝධීව සැකකරුවන් විසින් එළිපෙහෙළි කර ඇති බවත් වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එවැනි තත්ත්වයක් යටතේ පසුගියදා මීගමුවේදී රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ධීවර අමාත්‍ය සනත් නිශාන්ත මන්ත්‍රිවරයා සහභාගිවූ රැස්වීමකදී කඩොලන පරිසරය රැකගැනීමේ වැදගත්කම ගම්පහ අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය විසින් එයට එරෙහිව කරුණු දක්වමින් විරුද්ධත්වය දක්වන ලදී. අඩවි වන නිලධාරිනිය ඉතාම නිවැරැදිව හා ඍජුව නිර්භීතව, සෙල්ලම් පිට්ටනියකට වඩා අනාගත පරම්පරාවට ඔක්සිජන්වල තිබෙන අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කර දෙන ලදී.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!