ප්‍රහාර වලින් බ්‍රිතාන්‍යය ඉවත් නොවුනහොත් ජූලි 7 ලන්ඩනයට බෝම්බ ගහනවා

Spread the love
  •  
  •  
  •  
  •  

බි‍්‍රතාන්‍යය ඉරාකයේ ගුවන් ප‍්‍රහාරවලින් ඉවත් නොවන්නේ නම් බි‍්‍රතාන්‍යය තුළ ප‍්‍රහාරයක් එල්ල කරන බව සිරියාවේ සටන් වදිමින් සිටින බි‍්‍රතාන්‍ය ජිහාඞ්වාදීන් පිරිසක් අනතුරු හගවා ඇතැයි වාර්තා වේ.

සමාජ ජාල හරහා සවිස්තරාත්මක ප‍්‍රකාශයක් සිදුකළ එක් සටන්කාමියෙකු පවසා ඇත්තේ මෙම ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා සිරියාවේ සටන්වදින බි‍්‍රතාන්‍ය ජාතිකයින් යළි පැමිණෙනු ඇති බවයි.

බි‍්‍රතාන්‍ය රජයේ ගුවන් ප‍්‍රහාර නොනවතන්නේ නම් ජුලි 7 ලන්ඩන් බෝම්බ ප‍්‍රහාරය සහ ලී රිග්බි ඝාතනය වැනි දෑ දෛනික සිදුවීම් වනු ඇති බවද ඔහු අනතුරු හගවා තිබේ.

සිරියාවේ බි‍්‍රතාන්‍ය ජාතිත සටන්කාමී කණ්ඩායමක සාමාජිකයෙකු වන මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් මධ්‍යස්ථ මතධාරියෙකු වන නමුත් ඔහුගේ පවා මතය මෙවැන්නක් බව රැඩිකල්කරණය අධ්‍යනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ෂිරාස් මහේර් පවසා තිබේ.

කවෙන්ටි‍්‍රහි පදිංචිකරුවකු වන අබු මුසාබ් අල් ජසායිරි ලෙස හඳුන්වාගන්නා ජිහාඞ්වාදියකු පවසා ඇත්තේ බි‍්‍රතාන්‍ය රජයේ වැරදි වලට වන්දි ගෙවන්නට බි‍්‍රතාන්‍ය ජනතාවට සිදුවනු ඇති බවයි.

එනිසා සටන්කාමීන්ට චෝදනා නොකර ත‍්‍රස්තවාදී ක‍්‍රියා වලට ආණ්ඩුවට චෝදනා කරන ලෙසද ඔහු දැනුම් දී ඇත.  ඇමරිකාව ප‍්‍රමුඛ රටවල සන්ධානය විසින් එල්ල කරන ගුවන් ප‍්‍රහාරවලින් බි‍්‍රතාන්‍ය ජාතික සටන්කාමීන් 4ක්වත් මියගොස් ඇතැයි පැවසේ.

ඉන් තිදෙනෙකු නැගෙනහිර ලන්ඩනයේ පදිංචිකරුවන් වන අතර 19 හැවිරිදි සිසුවෙකු වන ඉබ‍්‍රාහිම් කමාරා බ‍්‍රයිටන්හි වැසියෙකි.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!