ප්‍රසන්නගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කරයි…?

ප්‍රසන්නගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කරයි…?

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ද විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතංග මහතාගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය එළැඹෙන ශ‍්‍රීලනිප සමුළුවට පෙර අත්හිටුවීමේ වැඩි ඉඩකඩක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළේය.
ඔහු විසින් පසුගිය කාලය පුරා පක්‍ෂය හා පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් එල්ල කරන ලද විවේචන ඇතුළත් වීඩියෝ දර්ශණ ගොනුවක් ශ‍්‍රිලනිප මූලස්ථානය විසින් මේ වන විට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇති බවද පැවසුවේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පසුගිය ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සෘජුවම කියා තිබුනේ ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා සම්බන්දයෙන් දැඩි විනය ක‍්‍රියාමාර්ග ගත යුතු බවය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!