“ප්‍රභාකරන් අයියා හිටියානම් අද මේ රටේ අගමැති…” – විජයකලා (VIDEO)

“ප්‍රභාකරන් අයියා හිටියානම් අද මේ රටේ අගමැති…” – විජයකලා (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාවේත් ලෝකයේත් නායකයින් අතරින් වීරත්වයත් පෞර්ෂත්වයත් තිබූ එකම නායකයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් පැවසුවාය.
ගින්නෙන් විනාශයට ලක්වූ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළද මහතුන් හට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීමේ උත්සවය අද (28) කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති අතර මෙම උත්සවයට එක්වෙමින් විජයකලා මහේෂ්වරන් මේ අදහස් පලකර සිටියාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් මෙසේද කීවාය.
‘ජනාධිපතිවරයා හා අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය සමගින් එකතු වී යහපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම රජයේ අරමුණයි. අප ඡන්ද ගැනීමේ අරමුණින් මේ දේ සිදුකරන්නේ නැහැ. මෙලෙස වන්දි ලබා දීම සදහා මුදල් වෙන් කරගන්න අප හුගක් මහන්සි වුණා.
ඇතැම් ද්‍රෝහීන් අප ද්‍රෝහීන් කරනවා. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙහි සිදුවුණේ මොනාද කියල හැමෝම දන්නවා. උතුරේ අවංකව වැඩ කරන ග්‍රාම නිලදාරීන් දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් කියල සේවයෙන් පහ කර දැමුවා. දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් කියා සමහර අයට විදුලිය ලබා දීම නතරකර දැමුවා. නමුත් අද මොවුන් විසින්ම ඔවුන් නායකයින් යැයි පෙන්වන්නට උත්සහා කරනවා.
ශ්‍රී ලංකාවේත් ලෝකයේත් පෞර්ෂත්වයකින් හා වීරත්වයෙන් පරිපූර්ණ හොදම නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන්. වඩමාරච්චි කියන්නෙ නම් දැරූ වැදගත් ප්‍රදේශයක්. ඔහු හිටියෙ කොහොමද. අද සිටින අපගේ ජනාධිපතිවරුන් සමගින් සසදා බැලුවොත් ප්‍රභාකරන් මෙන් නායකයෙක් සොයාගන්නට වත් බැහැ. ඔහු අද ජීවතුන් අතර සිටියා නම් අගමැති වී සිටින්නට ද ඉඩ තිබුණා. නැතිනම් මන්ත්‍රීවරයෙකු වශයෙන් හෝ ඉන්නට තිබුණා. නමුත් අපගේ අවාසනාවට එසේ වූයේ නැහැ.
මෙම උත්සවය සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, යාපනය දිසා ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. වන්දි පිරිනැමීම සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 74ක් වෙන්කර තිබුණි.
https://youtu.be/5rfBOVBgssA

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!