ප්‍රභාකරන් කොටියාගේ මස්සිනා කොටි සිවාජිලිංගම් ගෙන් ගම්මන්පිලට අභියෝගයක්

ප්‍රභාකරන් කොටියාගේ මස්සිනා කොටි සිවාජිලිංගම් ගෙන් ගම්මන්පිලට අභියෝගයක්

Spread the love
  •  
  •  
  •  
  •  

මෙරට ජාතික ප්‍රශ්නය ගැන හෝ බලතල බෙදීමේ අවශ්‍යතාව ගැන නිසි අවබෝධයකින් තොරව අදහස් දක්වන පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට තමා හා සාකච්ඡාවකට පැමිණෙන්නැයි අභියෝග කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පැවසීය.
උදය ගම්මන්පිල මහතාට සිංහල ජනතාව ගැන හෝ රට ගැන ආදරයක් නොමැති බවත් දේශපාලන උන්නතිය තකා සිංහල ජනතාව සුළු ජනතාව සමගින් බේද කිරීම ඔහුගේ අරමුණ බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ වත්මන් මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් මේ බව පැවසුවේ උදය ගම්මන්පිල මහතා අවස්ථා රැසකදීම සිදුකර තිබූ ප්‍රකාශ පිළිබද අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මෙසේද සදහන් කළේය.
‘‘අපි දීර්ඝ කාලයක් තිස්සේ හිරිහැරවලට ලක්වුණ ජාතියක්. දෙමළ ජනතාවත් මේ රටේම ජන කොටසක්. ඔවුන් නිදහසේ ජීවත් විය යුතුයි. ඔවුන් දීර්ඝ කාලයක සිට විසදුම් ඉල්ලන ජාතික ප්‍රශ්නයට මෙතෙක් විසදුම් ලැබී නැහැ. ඒ ජනතාවගේ අර්බුදයට විසදුම් ලබාදිය යුතුයි.
මේ ජාතික ප්‍රශ්නයට විසදුමක් විදිහට අපි වෙනම රටක් හෝ රටෙන් කොටසක් ඉල්ලන්නෙ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ සිංහල ජනතාවත් එක්කයි මුස්ලිම් ජනතාවත් එක්කයි සාමයෙන් හා සහෝදරත්වයෙන් ජීවත් වෙන්නයි. මේ රටේ දැන් යුද්ධයක් නැහැ.අපේ ප්‍රශ්නයට විසදුම් දුන්න කියල ඒකෙන් කාටවත් කොහෙටවත් කිසිදු බලපෑමක් වෙන්නෙ නැහැ.
අපේ ස්ථාවරය තමයි එක්සත් ශ්‍රීලංකාවක් තුළ මේරටේ සියළු ජනතාවට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහෙ පරිසරයක් නිර්මාණය කරමින් පූර්ණ බලතල බෙදීමකට යන එක. අපේ ඒ ස්ථාවරය ගැන උදයගම්මන්පිල මහත්තය වගේ දකුණේ දේශපාලන නියෝජිතයින් ගොඩක් වැරදි ලෙස අර්ථකතනය කරනවා. ඒ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් හරි දැනුමක් නැහැ කියන එකයි මගේ අදහස. මේ නිසා මේ ගැන සිංහල ජනතාවට වැරදි ලෙස අර්ථකතන සිදුකරන්න එපා කියල මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා.‘‘

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!