ප්‍රංශය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, නෝර්වේ, කැනඩාව ඔක්කොටම ලංකාවේ හයිබ්‍රිඩ් ඕන කියයි

ප්‍රංශය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, නෝර්වේ, කැනඩාව ඔක්කොටම ලංකාවේ හයිබ්‍රිඩ් ඕන කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි රටවල් 12 ක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.
මෙම රටවල් නම් ප්‍රංශය, මැසිඩෝනියාව, චෙක්‌ රාජ්‍යය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, මොන්ටිනිග්‍රෝ, නෝර්වේ, කැනඩාව, එස්‌ටෝනියාව, ඇල්බේනියාව සහ ස්‌විට්‌සර්ලන්තය වේ.
එස්‌ටෝනියා තානාපතිවරයා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතිය අත්සන් කළ යුතු බව ද ප්‍රකාශ කර ඇත.
ඇල්බේනියා තානාපතිවරයා ශ්‍රී ලංකා රජයේ දේශීය යාන්ත්‍රණය පිළිගැනීම මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර තිබේ.
මෙහිදී ඔස්‌ටේ්‍රලියා රජය පමණක්‌ ශ්‍රී ලංකාවට සහාය වන බව ප්‍රකාශ කර ඇත.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!