පළාත් පාලන මැතිවරණය තවත් කල් යයි… “සීමා නිර්ණ” හරියට දුන්නත් වැරදි තියෙන්න පුළුවන් ලු…

පළාත් පාලන මැතිවරණය තවත් කල් යයි… “සීමා නිර්ණ” හරියට දුන්නත් වැරදි තියෙන්න පුළුවන් ලු…

Spread the love
  •  
  •  
  •  
  •  

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව සීමා නිර්ණය කමිටු වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතාට භාර දුන්නත් එය ගැසට්‌ කිරීම ප්‍රමාද වනු ඇතැයි එම අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.
සීමා නිර්ණ කමිටුවේ සභාපති අශෝක පීරිස්‌ මහතා එහි සාමාජිකයන් පස්‌දෙනාගේම අත්සන් සහිතව කමිටු වාර්තාව මෙම 17 වැනිදා විෂය භාර අමාත්‍යවරයාට භාර දීමට එකඟ වී ඇත.
එහෙත් සභාපතිවරයා වාර්තාව භාරදුන් පසුවත් එහි යම්යම් ගැටලු පවතී නම් ඒවා නිවැරැදි කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට එම වාර්තාව යොමු කිරීමට අදහස්‌ කර තිබෙන නිසා මෙම ගැසට්‌ කිරීම ප්‍රමාද වන බව ද එම ආරංචි මාර්ග අවධාරණය කර සිටී.
සීමා නිර්ණය කමිටු වාර්තාවට එහි සභාපති අශෝක පීරිස්‌, සාමාජිකයන් වන නීතිඥ සාලිය මැතිව්, මහාචාර්ය පී. බාලසුබ්‍රමනියම් පිල්ලේ, නීතිඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් විසින් අත්සන් කර තිබෙන අතර නීතිඥ ඒ. එන්. එම්. මිස්‌බා මහතා විසින් අත්සන් කිරීමට නියමිතව තිබේ.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!