”පසුගිය මහින්ද ආණ්ඩුව නිසා රට දුෂිත උනා,ඒ නිසා අපි යහපාලනයක් හැදුවා.”-දත් දොස්තර

”පසුගිය මහින්ද ආණ්ඩුව නිසා රට දුෂිත උනා,ඒ නිසා අපි යහපාලනයක් හැදුවා.”-දත් දොස්තර

Spread the love
  •  
  •  
  •  
  •  

පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් බේරුවල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද [12]සිදු කෙරිණි .
එහිදී පයාගල මලේගොඩ මංගල විඡේරත්න මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය විවෘත කිරීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළහ.
“පළාත් පාලන මැතිවරණය පවත්වන ක්‍රමය හොදයි. පැවැති මැතිවරණ ක්‍රමයෙන් දුෂිතයින් බිහිවෙනවා. සාමාන්‍ය මිනිසුන්ට පාර්ලිමේන්තු ඒමට හැකි වන්නේ නැහැ. මනාප ක්‍රමය යටතේ ඡන්ද පැවැත්වීමේ දී සේසතම විනාශ වෙනවා. බලය නිසා තමයි එලෙස වන්නේ. ඉන් පසු දුෂණය ආරම්භ වෙනවා. රට විනාශ වෙනවා. ඊට එරෙහිව තමයි අපි ජනවාරි 08 වනිදා යහපාලන රජය බිහි කිරීමට මුල් වුයේ.
මම දේශපාලන තීන්දු මගේ ලාභයට අරගෙන නැහැ. ප්‍රතිපත්තිගරුකව තීන්දු තීරණ ලබාගන්නවා. අපගේ රජයෙත් දුර්වලතා තිබෙනවා. නිර්මල රජයක් ලොව මෙතෙක් බිහි වී නැහැ. මෙය අවබෝධ කර නොගත් පිරිසකුත් අපේ රජයේ සිටිනවා. ගමන ගියාට කැප කිරීමක් කළේ නැහැ. අපි තනතුරු සදහා දේශපාලන ගමන වෙනස් කරන්නේ නැහැ. ජනතාව එම නිසයි අපිව විශ්වාස කරන්නේ.
විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් සිටියා. මමත්, මහාචාර්ය ජී.එල් පිරිස්, ජනධිපති නීතිඥ කේ.එන් චොක්සි යන අයයි. එය තමයි ලංකාවේ තිබෙන උත්තරීතරම වෘත්තීය සමිතිය. මම වසර 08 ක් නිලතල දැරුවා. මම එම තනතුරුවලින් ඉවත් වෙලා තමයි දේශපාලනයට පිවිසියේ. ලිච්ජවි රජ පාලනයෙත් දුර්වතා තිබුනා. එම නිසයි බුදුරජාණන් වහන්සේත් වැඩම කළේ. වත්මන් රජය ඉතාම හොදයි. පසුගිය රජයට වඩා හොද ලක්ෂණ තිබෙනවා. විරුද්ධවාදීන් විවිධ විවේචන එල්ල කරනවා. නමුත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකතුව යහපාලනය ඉදිරියට ගෙන යනවා. ඔවුන් දෙදෙනා මහ රජෙක් වෙන්න යන්නේ නැහැ. ජනතාවට රජකම ලබාදීමට තමයි සුදානම් වන්නේ. වසර 2020 වනවිට රට තුල විශාල දියුණුවක් ඇති වෙනවා.”
මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයාට බුලත් හුරුළු ලබා දී එක්සත් ජාතික පක්ෂයට එක්වූහ. මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ බේරුවල ප්‍රධාන සංවිධායක ඉෆ්ටිකාර් ජමීල් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

(Visited 1 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!