පාසල නිමවී නිවස බලා එන වයස 08 සිසුවාට බරපතළ ලිංගික අපයෝජනයක්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

වයස අවුරුදු 08ක් වන පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව – වැලිපෑලැස්ස, අඩිප්පල පදිංචිකරුවෙකු වන 23 හැවිරිදි අයෙකි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකුව හඳුනාගෙන ඇතත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

අතවරයට පත්ව ඇත්තේ හලාවත – අඩිප්පල ප්‍රදේශයේ පදිංචිව සිටින පාසල් සිසුවෙකි.ඔහු ප්‍රදේශ‍යේ පාසලක 03 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටී.

පසුගිය 02 වැනිදා මෙම දරුවා පාසල අවසන් වී නිවස බලා යන විට සැකකරුවන් දෙදෙනා අතර මගදී හමුවී ඇත. ඔවුන් දැරුවාව බලහත්කාරයෙන් වන දොරකට ගෙන ගොස් පළමු වරට අපරාධය සිදු කර ඇත.

පසුව අවස්ථා දෙකකදී සැකකරුවන් ඒ ආකාරයටම දරුවාට අතවර කර ඇති බව පොලීසිය කියයි.

තම දරුවාට සිදුවී ඇති අතවරය දැන ගෙන ඇති මව්පියන් ඒ බව හලාවත පොලීසියට දන්වා ඇත.ඒ අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති පොලීසිය දරුවාව හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ දරුවා බරපතල ලිංගික අතවරයට ලක්ව් ඇති බවය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!