“පස්ස මාර්ගයේ” කිලෝ 3ක් රත්තරං පටවා ගෙන ආ “කටුගස්තොට” දෙන්නෙක් අල්ලයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඩුබායි සිට රුපියල් එක්කෝටි 45 ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 29ක් ගුද මාර්ගයේ සඟවාගෙන මත්තලින් ශ්‍රී ලංකාවට ගොඩබට දෙ‍න්නෙක් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
57 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු වන ඔවුන් කොළඹ 10 හා කටුගස්තොට පදිංචිකරුවන් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පවසයි.
එක් අයෙකු රත්තරන් කිලෝ 1යි ග්‍රෑම් 300ක් එනම් රන් බිස්කට් 13ක් ගුද මාර්ගයෙක් සඟවාගෙන පැමිණ ඇති අතර අනෙකා රන් කිලෝ 1 ග්‍රෑම් 600ක් එනම් බිස්කට් 16ක් ඒ ආකාරයටම සඟවා ගෙන පැමිණ ඇත.
ඒ අනූව මොවුන් දෙදෙනා ගුද මාර්ගවල කිලෝ 3ට ආසන්න එනම් කිලෝ 2යි ග්‍රෑම් 900ක් බරැති රන් බිස්කට් සඟවාගෙන සිටීමද විශේෂත්වයකි.
ඩුබායි සිට අද උදෑසන 6.45ට මත්තලට පැමිණි FZ අංක 551 ගුවන් යානයෙන් මොවුන් දිවයිනට පැමිණ තිබේ.
නීති විරෝධී ලෙස විදේශ රටවල සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් රත්තරන් රැගෙන ඒම මේවන විට බහුලව අසන්නට ලැබෙන අතර එයින් වැඩි පුවත් සංඛ්‍යාවක් අසන්නට ලැබුණේ කටුනායක ගුවන් ‍තොටුපළින් ගොඩබැසි පුද්ගලයින් සම්බන්ධයෙනි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!