පවුල් ආරවුලෙන් දරුවන් සමග දිය යට සැඟ වුන අම්මා

Spread the love
  •  
  •  
  •  
  •  


පවුල් ආරවුල් මුල්කරගෙන ඇතිවන ගැටුම්වලදී වැඩිපුරම බැට කන්නේ එවැනි පවුල්වල දරුවන්ය. මවත්, පියාත්a නිවස තුළ ආරවුල්වල පැටලෙද්දී දරුවන්ට මව්පිය දෙදෙනාගේ සෙනෙහස, ආදරය, රැකවරණය අහිමි වී ඉතිරි වන්නේ දුක, කඳුළ, කම්පනය හා අපේක්‍ෂා භංගත්වය පමණි.

ත්‍රිකුණාමලය, කෝනේෂ්වරන් මුහුදු තීරය රත්පැහැ ලේ වලින් වැසී යද්දී, අඹුසැමි ආරවුලකින් ඒ ලේ මත තවත් දරු පැටව් දෙදෙනකු පෙරේදා (21 වැනිදා) මළවුන් අතරට එක්‌ වූයේ මේ පවුල් ආරවුල්වල තරම පෙන්වමිනි.

නෙරංජලා දමයන්ති දක්‍ෂ සයිකල් ශූරියකි. ත්‍රිකුණාමලයේ පාපැදි තරගවලදී පෙරළිකාර ජයග්‍රහණ රැසකට උරුමකම් කී ඇය එම ප්‍රදේශයේ අංක එකේ පාපැදි ශූරියක ලෙස ප්‍රකටය.

මීට වසර දොළහකට දහතුනකට පෙර ඇය සිටියේ හිරිමල් යෞවන විය එළිපත්තේය. ඇයගේ ජනප්‍රියත්වයට ලොල් වූ තරුණයන් ඇයගේ ආදරය දිනා ගන්නට පෙළගැසී සිටියහ. නමුත් ඇයගේ සිත දිනාගත්තේ එක්‌ තරුණයකු පමණි. චීන වරාය ප්‍රදේශයේ පදිංචිව වුන් එම තරුණයා, නෙරංජලාගේ අතගෙන අලුත් කැදැල්ලකට ගියේ දහසකුත් එකක්‌ ප්‍රාර්ථනා පොදි බැඳගෙනය.

ආදරය, ප්‍රේමය හමුවේ ආර්ථික අමාරුකම් හා ලෙඩ දුක්‌ ද පරාජය කරමින් මොවුහු ජීවිතය පටන් ගත්තේ අලුත විවාහ වූ කොයි කාටත් ඇතිවන ප්‍රශ්න නොතකමිනි.

මේ අලුත් කැදැල්ලට සතුටුම දවස උදා වූයේ මීට වසර දොළහකට පෙරය. එදා තරම් මේ මවටත්, පියාටත් ඔවුන් දෙදෙනාගේ ඥතීන්ටත් එවැනි සතුටක්‌ දැනුන දවසක්‌ වෙන නැති තරම්ය.

ඒ සලෝමා ප්‍රේමීසා ද සිල්වා නමැති කිරිකැටි පුංචි දියණිය මෙලොව එළිය දුටු දවස නිසාය. තන පුඩුවලට පුංචි කට තබා දාරක සෙනෙහස හමුවේ කිsරි වූ රුහිරු උරා බීව් දවස තරම් නෙරංජලාට මිහිර ගෙනා දවසක්‌ ඇයගේ දිවියේ නොවුන තරම්ය. දරු සෙනෙහසක හැටි. ඒ තරුණ පියාට දැනුණේ එදාය.

දියණිය ලැබී වසර පහකට පසුව මේ කැදැල්ලට තවත් දරුවකු එක්‌විය. ඒ පුතෙකි. අසේල ගයේෂ් ද සිල්වාය.

රුව ඇති දුවයි, කට ඇති පුතයි, මොන තරම් වාසනාවන්ත පවුලක්‌ ද? දරු දෙදෙනා කන්තලේ අග්‍රබෝධි විදුහලේ අධ්‍යාපනය හදාරන්නට පටන්ගෙන තිබිණි. කාලය ගෙවී ගියේ ඉක්‌මනින්ය. මේ අතර නෙරංජලාට හිටිහැටියේ සිතට දරුණු කේන්තියක්‌ මතුවන්නට විය. ඊටද හේතු තිsබිණි. සැමියා රාජකාරි කළේ මුරකරුවකු ලෙසිනි. රහමෙර මත්පැනට ගිජු වූ ඇතැමුන්ට අඹුදරුවන්ගේ, ඇතැම් සිතුම් පැතුම් පවා අමතකව යති. මේ සැමියාද ටික ටික බීමට පුරුදු වී තිබිණි. බිරිඳට ඒ බීම රිස්‌සුවේ නැත.

අනේ ඡේසුනි, මගෙ ලස්‌සන ලෝකය රැක දෙන්න. මට දැන් තිත්ත වෙලා මේ කාලකණ්‌ණි ජීවිතේ, ඡේසුනි, පිහිට වනු මැනවි· ආමේන් කියමින් ඇය පල්ලියට ගොස්‌ දණ තබා දහස්‌ වරක්‌ ඉල්ලුවේ කරදර දුරු වී සිතුට සැනසුමය.

අවසානයේදී ඇය මේ ප්‍රශ්න හමුවේ මානසික, ආතතියකට පත්විය.

මට කවුරුවත් නෑ ඡේසුනි, මාවයි, මල්ලියි ආරක්‍ෂා කරන්න. අම්ම තාත්තා අපිට බැන්නත් අපි වැරදි කරන්නේ නෑ. අපිට බණින්න එපා. අපි වැරදි කරන්නේ නෑ. සමාව දෙන්න, දෙවියනි සමාව දෙන්න, ස්‌තුතියි… කියා දොළොස්‌ හැවිරිදි දියණිය කොළ කැබැල්ලක දෙවියන් වෙනුවෙන් ලියූ ලිපියක එවැනි සටහනක්‌ තිබිණි.

නෙරංජලා, සැමියා සමග ඇතිකරගත් ආරවුල් දවසින් දවස වැඩිවෙද්දී, සැමියා ද මත්පැනටම ගිජු වී ගිය හැටි පුදුමය.

හරියටම ඉරිදා (21 වැනිදා) එළිවන විට නෙරංජලා සිටියේ දෙලොවකය.

මට මේ කාලකණ්‌ණි ජීවිතේ එපා වෙලා. සතුට, සැනසුම නැති මේ ජීවිතයෙන් මට ඵලක්‌ නෑ මම මැරෙනවා. ඒත්… මගේ දරුවෝ… වුන්ට යන කලක්‌ නෑ. උනුත් මරාගෙන මම මැරෙනවා…. ඇය කල්පනා කළේ එලෙසිනි.

දුවේ ලෑස්‌තිවෙයන් ආච්චිලාගේ ගෙදර යන්න. නෙරංජලා පොඩි පුතුත්, දියණියත් සූදානම් කරගෙන ඔවුන් පදිංචිව සිටි ධාන්‍යගම සිට කෝනේෂ්වරන් ප්‍රදේශයට ගියේ ඇයගේ මවව බැලීමටය. නමුත් හිත යට වෙනම සැලසුමක්‌ ක්‍රියාත්මකdiya වෙමින් තිබිණි.

උඩ සිතට වඩා යටි සිත ඇයගේ සිරුරේ පාලනය ගෙන තිsබිණි. කෝනේෂ්වරන් වෙරළ තීරයේ චණ්‌ඩ රළ දෙස ඇය මොහොතක්‌ බලා සිටියේ දරු දෙදෙනාගේ අතින් අල්ලාගෙනය.

මහා ඛේදවාචකයක්‌ සිදුවන ඊළඟ නිමේෂය පිළිබඳ කිසිවකු දැන සිටියේ නැත.

චණ්‌ඩ රළ ප්‍රචණ්‌ඩ වී තිබිණි. මුහුදෙන් හමා එන සුළඟ කම්පනයට පත් වූවාක්‌ වැනිය. කෝනේෂ්වරන් ගල් තලාවට නැගගත් නෙරංජලා දරු දෙදෙනාද සමග අවසන් ගමනට සැරසී සිටියේ මානසික ආතතිය, ඒ වන විට ඇයව මුළුමනින්ම ග්‍රහණයට නතුකරගෙන සිටි නිසාය.

දරු දෙදෙනා උඩ සිට පහළට තල්ලුකර දැමූ ඇය සිහිවිකලෙන්ම පහළට පැන්නාය. පහළ ගල්තලාව රත්පැහැ ගැන්වී යද්දී දරු දෙදෙනාගෙ අවසන් සුසුම් පොද කම්පනයට පත්වූ මුහුදු රළ සමඟ එක්‌වී ක්‍ෂතිජය දෙසට ගලා ගියේ තවත් ඛේදවාචකයක, දුක, කඳුළ, සුqසුම අපට උරුමකර දෙමිනි. යුද හමුදා සෙබළුන් හා ධීවරයන් එක්‌ වී බරපතළ තුවාල ලබා සිටි නෙරංජලාව ත්‍රිකුණාමල රෝහලට ගෙන ගියහ. ඇය මේ සටහන තබන විට සිටියේ දැඩිසත්කාර ඒකකයේය.

බිරිඳට මානසික ආතතියක්‌ තිබුණා. බෙහෙත් පවා ගත්තා. සැමියා ඇතුළු සැමියාගේ ඥතීහු එසේ කියා සිටියහ. දුවට එහෙම ආතතියක්‌ තිබුණේ නෑ. ඔය මිනිහා නිසා තමයි මේ අපරාධය වුණේ. නෙරංජලාගේ ඥාතීහු එහෙම කියති. කවුරු කෙසේ මොන දේ කීවත් දැන් ඵලක්‌ නැහැ. දරු දෙදෙනකු වැඩිහිටි වරදින් නිරපරාදේ විනාශ වී ගොස්‌ හමාරය.

ආදරයෙන් අත්වැල් පටලාගෙන ගොඩනගන ප්‍රේම පාරාදීස, ප්‍රශ්න හා කරදර හමුවේ මෙසේ සුනු විසුනු වී යන්නේ නම් කාට කියන්නද? මොන තරම් පවුල් ආරවුල් තිබුණත් මොන තරම් දුක්‌ කරදර තිබුණත් ඒවා හමුවේ දරුවන් විනාශ කර දැමීම නොකළ යුත්තකි. කරදර නැත්තේ කාටද? මේ කොයි කාටත් කරදර ඇත. නොගැලපීම් ඇත. නැති ප්‍රශ්න ඇති වීමද සාමාන්‍යය. නමුත් දරුවන් මේ කිසිදේකට පළි නැත. එනිසා මෙවැනි සුළු ප්‍රශ්න හමුවේ දරුවන් පිළිබඳ සිතා ඒ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට වැඩිහිටියන් ක්‍රියාකළ යුතුව ඇත.

ශිරාන් රණසිංහ සහ
සමන් මල්ලවආරච්චි

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!