“පරිස්සමින් සිටින්න..”ඉරානය ලෝක බලවතාට අනතුරු අඟවයි

“පරිස්සමින් සිටින්න..”ඉරානය ලෝක බලවතාට අනතුරු අඟවයි

Spread the love
  • 27
  •  
  •  
  •  
    27
    Shares

ඉරානය මගින් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එමගින් ඉරානය පවසන්නේ දෙරට අතර එළඹි න්‍යෂ්ටික ගිවිසුම අවලංගු කිරීමට කි‍්‍රයාකරන්නේ නම් අපේක්ෂිත මෙන්ම අනපේක්ෂිත ප‍්‍රතිවිපාක රැසකට මුහුණ දීමට අමෙරිකාවට සිදු වනු ඇති බවයි.අදාළ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මීට පෙර ප‍්‍රකාශයන් සිදු කර තිබුණා. එම පූර්ව දැනුම් දීම් වලට අනුව අමෙරිකාව ලබන මාසයේදී අදාළ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට නියමිතයි. අදාළ ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපති හසන් රොහානි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේය.

(Visited 54 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!