පබාට විදේශ රැකියා අමාත්‍යාංශයේ පට්ටමක්

Spread the love
  •  
  •  
  •  
  •  

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරිය වශයෙන් පත්කර ඇත.
එම අමාත්‍යාංශයේ කටයුතු අධීක්ෂණය වෙනුවෙන් ඇය පත්කර තිබෙන අතර ඒ මහත්මිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී අදාළ තනතුරේ වැඩ බාර ගත්තාය.
මේ සම්බන්ධයෙන් වන පත්වීම් ලිපිය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා අතින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය වෙත බාරදෙන ලදී.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!