“පබාටත් පැරදුණු එයා එනවා…”-එජාපයේ ජනපති අපේක්‍ෂකත්වය කරුට හිමිවෙයි

“පබාටත් පැරදුණු එයා එනවා…”-එජාපයේ ජනපති අපේක්‍ෂකත්වය කරුට හිමිවෙයි

Spread the love
  • 42
  •  
  •  
  •  
    42
    Shares

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ සිසිර ජයකොඩි මහතා සංවිධානය කර තිබූ ‘ගෝඨාභය ජය තහවුරු කරමු’ යන තේමාව යටතේ කැළණිය ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකට එක්වෙමින් විමල් විරවංශ මහතා මේ බව පැවසීය. උත්සව සභාව ඇමතු මන්ත්‍රීවරයා ” බටහිර බලවතුන්ට ජනාධිපතිවරණයෙන් දිනවීමට උවමනා කාවද? රනිල්ම තමා. හැබැයි රනිල්ව උවමනා වුණත් දාන්න බැහැනේ. එයා දිනන්නේ නැහැනේ. ඒ නිසා බටහිර උවමනාව වී ඇත්තේ සිංහල ඡන්ද පදනමට වැඩිම බලපෑමක් කළ හැකි අපේක්ෂකයා යූඑන්පියෙන් දම්මවන්න. කවුද එයා? ‘පබාට පැරදුණු එයා’ තමයි කරූ ජයසූරිය. ‘බෝධිසත්ව ගුණෝපේත’ කිව්වට දින 52 ආණ්ඩුව කාලයේ එතුමාගේ ‘මරුමුස්කම’ එළියට ආපු හැටි, මේ රටේ ජනතාව හොඳටම දැක්කානේ. සජිත් මහත්තයා වෙඩින් කාඞ් බෙදමින් ගියාට විවාහයට කලින් රනිල් ‘මනාලිය’ උස්සනවා. ජලනි නෝනාට ජනාධිපති ආර්යාව වෙන්න තව ආත්ම ගණනාවක් බලා ඉන්න වෙනවා (සභාවේ සිනා). සජිත් මහත්තයා ‘කාඞ් බෙදලා’ නිසා ලැජ්ජාවට වෙන පක්‍ෂයකින් හරි අපේක්ෂකයා වෙලා එන්න ඉඩ තියෙනවා. නමුත් යූඑන්පී අපේක්ෂකයා තමයි කරූ ජයසූරීය. එයා දිනුවොත් කවුද අගමැති? රනිල් අගමැති. අපි දන්නවානේ කරූ ජයසූරිය මෙතෙක් කලක් ‘කථානායක පුටුවේ’ වාඩි වෙලා වැඬේ කළ හැටි. රනිල්ගේ මූණ බලලා තමයි අපි අහන ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ. කරූ කියන්නේ රනිල්ගේ අවතාරයක්. පක්‍ෂ නායකකම රනිල් අතේ නිසා ‘දණ ගහපන් කරූ’ කියපු ගමන් එයා දණ ගහනවා. ” යන්නයි

(Visited 174 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!