“පන්සල් 50 කට මරාගෙන මැරෙන ප‍්‍රහාර සැලසුමක්… වෙසක් උත්සව එපා…” – ඥානසාර හිමි

“පන්සල් 50 කට මරාගෙන මැරෙන ප‍්‍රහාර සැලසුමක්… වෙසක් උත්සව එපා…” – ඥානසාර හිමි

Spread the love
  • 26
  •  
  •  
  •  
    26
    Shares

‘මේ ප‍්‍රශ්නය ඉවර වෙනකම් රටේ වෙසක් පොසොන් කිසිම උත්සවයක් පවත්වන්න ඉඩ තියන්න එපා. පන්සල් 50 කට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් පිළිබදව වාර්තා වෙලා තියෙනවා. වැඩිදුරටත් තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට ඇවිත් මාව හමුවන්න‘ යැයි බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හෝමාගම අධිකරණය ඉදිරිපිටදී අද (29) පැවසූහ.
අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ පරිශ‍්‍රය තුළදී සාපරාධී බිය ගැන්වීම සහ බැන තර්ජනය කිරීම චෝදනාවන් යටතේ විභාග වූ නඩුවකදී සන්ධයා එක්නැලිගොඩට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් කර තිබූ නියෝගයකට අනුව එම වන්දි මුදල ලබා දීම සදහා අද (29) දින නඩුව කැඳවා තිබුණි.
අදාළ වන්දි මුදල ගෙවීමෙන් පසු ගලගොඩඅත්තේ හිමියන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුරදී මෙලෙස උන් වහන්සේ මාධ්‍යට පළ කරන ලදී
මෙම අවස්තාවේදී බොදු බල සේනා සංවිධානය වෙනුවෙන් අදහස් පළ කළ එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් ‘‘රටේ ඇතිවෙලා තියෙන වාතාවරණයත් සමඟ මේ ආකාරයෙන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගලගොඩඅත්තේ නාහිමියන්ට ලබා දී තිබෙන ආරක්ෂාව මදි. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස බන්ධානාගාරයෙන් ඉල්ලා සිටිනවා’ යැයි පැවසූහ.

(Visited 205 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!