පඩිය දැක සතුට වැඩි වුන මිනිසා පපුව පැලී මැරිලා

Spread the love
  •  
  •  
  •  
  •  

පෞද්ගලික වත්තක කුලී වැඩ කළ අයකුට මේ මාසයේ කළ වැඩ වෙනුවෙන් රුපියල් 31,500ක මුදලක් එකවර අතට ලැබීමේ සතුට දරාගත නොහැකිව මියයෑමේ පුවතක් කඳපොළ පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ කඳපොළ, ගෝල්ඩ්පීල්වත්ත පදිංචිකරුවකු වූ සෙල්වරාජ් චන්ද්‍රමෝගම් නමැති 35 හැවිරිදි දෙදරු පියෙකි.
මෙයට පෙර එම වත්තේ වැඩ කරන විට වියදම් සල්ලි සතිපතා ලබාගන්නා නිසා එකවර වැඩි මුදලක් අතට නොලැබුණද මෙවර ඔහු එසේ නොකොට සුළු මුදලක් පමණක් ඉල්ලාගෙන ඉතිරි වූ මුදලට දීපවාලි උත්සවය වෙනුවෙන් වතු හිමියා ලබාදුන් සන්තෝසමක්ද එකතු වීමෙන් එය 31,500ක් වී තිබේ.
ඉතා සතුටින් එම මුදල රැගෙන නිවෙසට ගොස් ඇති ඔහු බිරිය අතට 30,000ක මුදලක් දී නිවෙසට අවශ්‍ය දේ රැගෙන එන ලෙසට පවසා නිවෙසේ සිටියදී හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!