පක්‍ෂග්‍රාහී කරුට මැතිසබයේදී කසළ ප්‍රහාරයක්(වීඩියෝ)

පක්‍ෂග්‍රාහී කරුට මැතිසබයේදී කසළ ප්‍රහාරයක්(වීඩියෝ)

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයාට කසල බඳුනකින් සහ වතුර බෝතලයකින් පහර දී ඇති බව අප වාර්තාකරු සදහන් කර සිටිනවා.මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ප්‍රසන්න රණවීර සහ එක්සත් ජාතික පක්ෂයේ නවින් දිසානායක මන්ත්‍රිවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සභා ගර්භයේදී සිදුවී ඇත.කථානායකවරයාගේ මුලාසනය අසලට පැමිණි පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධතාවයට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරුන් දෙදෙනා බිම ඇද වැටී තිබෙනවා.මේ අතර කථානායකවරයාගේ මුලාසනය අසල තිබෙන මයික්‍රෝෆෝනයක් ගලවා දැමීමට උත්සහ කිරීමේදී මන්ත්‍රී දිලුම් අමුණුගමගේ අත තුවාල වී ඔහු රෝහල කරා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වේ.ඒ අනුව මේ වන විට දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ අතක ඇඟිලි දෙකක කැපුම් තුවාල ඇති බවයි වාර්තා වේ.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!