පක්ෂය විසුරුවා සියලු දෙනාම එ.ජා.පයේ සාමාජිකත්වය ගනු !” – ෆොනී දෙකට කැඩෙයි

පක්ෂය විසුරුවා සියලු දෙනාම එ.ජා.පයේ සාමාජිකත්වය ගනු !” – ෆොනී දෙකට කැඩෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැර එහි නායකයන් හා සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයටත් දෙකඩ වී යෑමේ තත්ත්වයක් උදාවී තිබේ.ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැර එහි සාමාජිකයන් සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගතයුතු බවට පක්ෂ නායක ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට අවධාරණය කිරීමත් සමගම මෙම දෙකඩවීම ආරම්භවී තිබේ.
සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරක්ද, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර සහ පාර්ලිමේන්තු මැතිවරණයකදී සීමිත ආසන ප්‍රමාණයකට සහ ඉදිරි පළාත් සභා මැතිවරණවලදී තරග කිරීමටද අවස්ථාව ලබාදෙන බවටද පෙරේදා (04දා) පැවැති එම පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ෆොන්සේකා පවසා ඇති අතර ඒ නිසා සියළු දෙනාට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවන ලෙස දැනුම්දී තිබේ.
ඒ අනුව එකඟතා ලියවිල්ලක් මත මේ මස අග සතියේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බවට ෆොන්සේකා සඳහන් කළ අවස්ථාවේදී බහුතර කෘත්‍යාධිකාරී සාමාජිකයන් පිරිසක් එම තීරණයට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර, ඉතිරි තවත් සාමාජිකයන් පිරිසක් ඊට විරෝධය පළ කර තිබේ.
දිවයින පුරා සිටින ආසන සංවිධායකයන් සියලු දෙනා ලබන සතිය වනවිට කොළඹට කැඳවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය දැනුම්දීමටද මෙහිදී තීරණය කළ බවද වාර්තා වේ.
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සමග එක්වන පිරිස එජාප සාමාජිකයන් ලෙසද, මෙම තීරණයට විරෝධය පළ කළ පිරිස ඒකාබද්ධ විපක්ෂයටද එක්වන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් නොපවතින බවයි.
එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෑත ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලෙස ගනු ලබන ප්‍රබල මතභේදාත්මක තීන්දුව මෙය බවයි. මන්ත්‍රීවරුන් ලෙස සිටින පිරිස මෙම තීරණයට කැමති වුවද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස ඉදිරියට යා යුතු බවට අදහස් කරන පිරිස් මෙම තීරණයට අකමැති බැවින් ඔවුන් විකල්ප සොයා යනු ඇති බවද ඔහු කීය.
පෙරේදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මොරටුව සහ මාතර ප්‍රදේශ නියෝජනය කරන ආසන සංවිධායකවරුන් දැඩි ලෙස විරෝධය පළකර තිබේ.
මේ වනවිට සරත් ෆොන්සේකා කැලණිය සංවර්ධන කමිටු සභාපති ධුරයද උසුලයි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!