නෝර්වේජියානු කතට අතවර කළ ‘ධනුෂ්කගේ ගජ මිතුරු අනංගයා සන්දීප්‘ පොලිස් අත්අඩංගුවට (PHOTOS)

නෝර්වේජියානු කතට අතවර කළ ‘ධනුෂ්කගේ ගජ මිතුරු අනංගයා සන්දීප්‘ පොලිස් අත්අඩංගුවට (PHOTOS)

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝනය යන චෝදනාව යටතේ ශ්‍රි ලංකා පිලේ ආරම්භත පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක් පැනවීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (22) කටයුතු කළා.මීට හේතුවී තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජශාලාවකදී නෝර්වේජියානු ජාතික කාන්තාවකට බලහත්කාරකම් සිදුකිරීමට යාමේ සිදුවීමකි.සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව ගුවන්තොටුපල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කොල්ලුපිටිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භකර ඇති අතර, සන්දීප් සෙල්ලයියා නැමති පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවත් ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ වන විට තොරතුරු වාර්තාවනවා.එමෙන්ම විදේශික කාන්තාව කළ පැමිණිල්ලේ දැක්වෙන පරිදි ධනුෂ්ක ගුණතිලකද සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි බවට පැවසෙනවා.අද (23) තරඟය නිමාවීමෙන් අනතුරුව දනුෂ්ක ගුණතිලකගෙන් කෙරෙන ප්‍රශ්න කිරීමකින් පසුව ඔහුට වසරක තරඟ තහනමක් පැනවීමට ඉඩ ඇතැයිද ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.තවද මේ සිදුවීම සම්බන්ධයෙන් දනුෂ්ක ගුණතිලකගේ කළමණාකරු ලෙසින් කටයුතු කරන අසංක නම් පුද්ගලයාටද දෝෂාරෝපණ එල්ලවී ඇති අතර තතු දත් අය පවසන්නේ අදාළ කළමණාකාරු ධනුෂ්ක ගුණතිලකව රාත්‍රී සමාජ ශාලා වලට රැගෙන යමින් කිසිදු වගකීමක් නොමැතිව කටයුතු කරන පුද්ගලයෙකු බවයි.විදේශීය කාන්තාවට බලහත්කාරකම් සිදුකළ බව කියින සන්දීප් ‌‌‌‌‌සෙල්ලයියාගේ සහ ධනුෂ්ක ගුණතිලකගේ ඡායාරූප පහත දැක්වේ.

(Visited 118 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!