නොමිලේ කියා බෙදු ටැබ් වලට මුදල් ගෙවන්න යයි නියෝග.! මේ යහපාලන පහසු ගෙවීමේ ක්‍රමයයි.

නොමිලේ කියා බෙදු ටැබ් වලට මුදල් ගෙවන්න යයි නියෝග.! මේ යහපාලන පහසු ගෙවීමේ ක්‍රමයයි.

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය දිනක ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතී උත්සවයකදී මාධ්‍යවේදීන් හැට දෙනෙකුට ටැබ් බෙදා දෙනු ලැබිණි. පාර්ලිමේන්තු වාර්තා කරණයේ යෙදෙන මෙම මාධ්‍යවේදීන්ට ටැබ් යන්ත්‍ර ලබා දුන්නේ කතා නායක කරු ජයසුරිය මහතා අතිනි.
ඉන් පසු මාධ්‍ය වේදීන්ට නොමිලේ ටැබ් යන්ත්‍ර ලබා දුන් බව කියමින් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරනයක්ද සිදු කරනු ලැබිණි.
මාධ්‍යවීදින්ට නොමිලේ ටැබ් දුන්නා යයි කියමින් හරීන් ඇමති තුමා මාධ්‍ය හමුවේ වහසි බස් දොඩා හය මසක් යන්නටත් මත්තෙන් ඒ ටැබ් සදහා මුදල් ගෙවන ලෙසට ටැබ් යන්ත්‍ර ලබා ගත් මාධ්‍යවේදීන්ට මොබිටෙල් ආයතනයෙන් නියෝගයක් ලැබී ඇත.
ඒ අනුව ගෙවිය යුතු මාසික වාරිකය එක ටැබ් යන්ත්‍රයකට මසකට රුපියල් 1700 ක් වන අතර ගෙවිය යුතු වාරික ගණන හෝ මුළු මුදල පිලිබදව මෙතෙක් දැනුම් දී නැත.
නොමිලේ දෙනවා යයි පවසමින් ටැබ් බෙදා එයට මුදල් අය කර ගැනීම යහපාලන ආණ්ඩුවේ නවතම විකුණුම් උපක්‍රමයදැයි මාධ්‍යවේදීන් විමතියට පත්ව සිටින අතර මෙම ටැබ් යන්ත්‍ර නැවත ගෙන ගොස් බාර දීමට ඔවුහු තීරණය කොට ඇත.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!