‘නෙළුම……..  නොපිපෙයි………? ‘ – ශාන්ත බණ්ඩාර

‘නෙළුම…….. නොපිපෙයි………? ‘ – ශාන්ත බණ්ඩාර

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රීලනිපය යනු බෝඩ් ලෑල්ලක් හෝ ඩාර්ලි පාරේ ගොඩනැඟිල්ලක් හො නොවන බවට නැඟෙන චෝදනා පිළිගන්නා බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. එම චෝදනා පිළිඅරගෙන,ගැටළු තේරුම් අරගෙන සමගියෙන් කටයුතු කිරීමට සූදානම් බව හෙතෙම කියා සිටියේ අද(23)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. ඒ නිසාම ඒකාබද්ධ විපක්ෂයේ සියලුදෙනාට ශ්‍රීලනිපය සමග එක්වන ලෙස ආරාධනා කරන බවත්,සහයෝගයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය. එසේ නොමැතිව වෙනත් බලවේග ගොඩනැඟීමට කටයුතු කරන්නේනම් ඒ පිරිස් දැනුවත්ව හෝ නොදැනුවත්ව කුමන්ත්‍රණයකට හසුව ඇති බව පිළිගත යුතු බව ශන්ත බණ්ඩාර මහතා කියා සිටියේය. පසුගිය කාලය තුළ විනය පරීක්ෂණ පැවැත්වීමට බොහෝ පිරිසකට බොහෝ හේතු කාරණා තිබුණද ඒවා ඒ අයුරින් ක්‍රියාත්මක නොවුණේ සියලුදෙනා එක්ව ගමනක් යායුතු බැවින් බව හෙතෙම අවධාරණය කළේය. නෙළුමක ලාංඡනයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් ලෙස ඒකාබද්ධ විපක්ෂය සංවිධානය වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව හෙතෙම කියා සිටියේ එකී නෙළුම කාලෙක සිට පැවති බව හා එය කිසිවිටෙකත් නොපිපෙන බවයි. එබැවින් ඒ පිළිබඳ කිසිදු බියක් නොමැති නමුත් එකට එක්ව ගමනක් යාමට ශ්‍රීලනිපය වඩා කැමති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!