නිවසක රහසිගතව කරගෙන ගිය අවි කම්හලක් වටලයි

නිවසක රහසිගතව කරගෙන ගිය අවි කම්හලක් වටලයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

අරණායක පොලිසිය විසින් අවි ආයුධ නිෂ්පාදනාගාරයක් වටලා එහි ප‍්‍රධාන සැකකරු සහ අවි ආයුධ කිහිපයක් මෙන්ම ජීව උණ්ඩ රැසක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.අරණායක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජිව කීත්සිරි ගුණතිලක මහතා ඇතුලූ නිලධාරින් 8 දෙනෙකු විසින් මෙම වැටලීම කර තිබුණේ පැය 3 කට වඩා වැඩි කාලයක සිට සිදු කරන ලද වැටලීමකින් පසුවයි. මෙහිදි අත්අඩංගුවට පත් වුයේ වයස අවුරුදු 33 ක් වන සිව් දරු පියෙක් වන අරණායක වත්තේගෙදර මැරහේන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.තම නිවසේම ඉතා රහසිගත ලෙසින් මෙම කර්මාන්තය පවත්වාගෙන ගොස් තිබු අතර සැකකරු අත්අඩංගුවට පත් වු අවස්ථාවේ පතුරම් තුවක්කු වල්ල කොටස් 1 යි, පතුරුම් හා ඉතිරි අත්ආවරණ කොටස් 2යි, බොර 12 එස්.ජි වර්ගයේ උණ්ඩ 3 යි, බෝර 12 එස්.ජි වර්ගයේ නැවත පාවිච්යෙන් පසුව නැවත පුරවන ලද උණ්ඩ 1 යි, 5 සීරෝ වර්ගයේ ජීව උණ්ඩ 3 යි, එස්.එල්.ආර්. වර්ගයට අවත් ජීව උණ්ඩ 3 යි, 308 අංකය ඇති ජීව උණ්ඩ 1 යි, ටි56 උණ්ඩ 2යි, එස් 84 වර්ගය ජීව උණ්ඩ 1යි, 9 එම්.එම්. වර්ගයේ ජීව උන්ඩ 3යි, පාවිච්චි කර ඇති බොර 12 යේ පතුරුම් කොපු 12 ක් මෙහිදි සැකකරු සමග අත්අඩංගුවට පත් විය. මෙහෙයුම සාර්ථිකව සිදු කිරිමට අරණායක පොලිසියේ පොලිස් ස්ථානාධිපති සූජිව කීත්සිරි ගුණතිලකගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අබේකීර්ති, පොලිස් සැරයන්වරුන් වන 22942 හරිචන්ද්‍ර, 48506 ප‍්‍රියන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන 35754 මුණසිංහ, 22834 බණ්ඩාර, 28576 අජිත්, 40368 සඳරුවන්, පොලිස් කොස්තාපල් රියදුරු 17857 තිලකරත්න සහභාගී වුණා.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!