නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු

නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ඇල්පිටිය ප‍්‍රදේශයේ පාසල්වල විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව කිහිපයක් ඇතුළුව ගාලු දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන උත්සව ආවරණය කරන මෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කළ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතික්ෂේප කිරිම හේතුවෙන් නිලධාරින් පස් දෙනෙකු දුෂ්කර පළාත්වලට මාරු කළ බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස් දෙනෙක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.පාසල්වල විද්‍යාගාර විවෘත කිරීම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විෂය පථයට අදාළ නොවන බැවින් මෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශය මැතිවරණ පූර්ව සමයක පවතින බැවින් එහි දේශපාලන මැදිහත්වීමකින් සිදුවන කටයුත්තක් ආවරණය කිරීම තමන් ප‍්‍රතික්ෂේප කළ බවත් මේ හේතුවෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලොන්නරුව, දඹුල්ල අනුරාධපුර ත‍්‍රීකුණාමලය හා වවුනියාව යන ප‍්‍රාදේශිය කාර්යාල වලට මාරුකළ බවට ද ඔවුහු පැමිණිලි කර ඇත.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!