නියත ජය නියත ජනතා පුත්‍රයාට මහා සංඝරත්නයෙන් සහතිකයක්

නියත ජය නියත ජනතා පුත්‍රයාට මහා සංඝරත්නයෙන් සහතිකයක්

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

රි ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා , බෙල්ලන්විල විහාරස්ථානයේ සහ පැපිලියාන සුනේත්‍රා දේවි විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහන්වලට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.ඒ ඊයේ(06) පස්වරුවේදියී.ශ්‍රි ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත පැමිණ ප්‍රථමයෙන්ම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දුටුවේය.මෙහිදී අදහස් දක්වමින් බෙල්ලන්විල රජමහා විහාරස්ථානෙය් විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා යනු වැඩ කරන කෙනෙක් බවයි.විරුද්ධවාදීන්ට මෛත්‍රී වැඩීමට අපි පවසන බවත් කියා සිටි උන්වහන්සේ, භික්ෂුන් වහන්සේලාට වුවත් එම කර්තව්‍ය ඉතා අසීරු බව පැවසීය.එනිසා පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙට්ටු දැමු දෙදෙනාට නම් මෛත්‍රී වැඩීම හරිම අමාරුයි යනුවෙන් පැවසු විහාරාධිපති හිමියන්, නමුත් ඔවුන්ටත් මෛත්‍රීය වඩන බවත් කියා සිටියේය.අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද සිදුකරනු ලැබීය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!