“නින්දා අපහාස විදගෙන රට වෙනුවෙන් අප කියූ සියල්ල ඇත්ත වුණා…”-නිදහස් වූ ඥානසාර හිමි සංවේදී වෙයි(වීඩියෝ)

“නින්දා අපහාස විදගෙන රට වෙනුවෙන් අප කියූ සියල්ල ඇත්ත වුණා…”-නිදහස් වූ ඥානසාර හිමි සංවේදී වෙයි(වීඩියෝ)

Spread the love
  • 35
  •  
  •  
  •  
    35
    Shares

රටට විය හැකි අර්බුධයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමෙන් විශාල ලෙස නින්ධාවට පත් වු බවත් අවසානයේ තමන් රට පිළිබඳ හෙළි කළ කරුණු සත්‍ය වු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. නිදහස ලැබීමෙන් පසු සිය විහාරස්ථානය වෙත පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥාණසාර හිමියන් මේ බව ප්‍රකාශ කළේය.ඒ පිළිබඳ විශාල වේදනාවක් පවතින බවත් කෙසේවෙතත් යළි ඉවසීමෙන් ඉදිරි කාලයේ කටයුතු කළ යුතු බවත් උන් වහන්සේ සඳහන් කළේය.රට වෙලාගනිමින් ඇති අන්තවාදීත්වය පිළිබඳ දූරදර්ශීව කටයුතු කළ යුතු බවත්ය. මේ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කළද මේ වන විට තමන් වහන්සේ දැඩි වෙහෙසට පත්ව ඇති බවත් ඉදිරියේ දි ආගම අහමට ලැදි වෙමින් ශාසනික දිවියක් ගත කිරීමට  අදහස් කරන බවත් උන්වහන්සේ පැවසීය.

(Visited 99 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!