නිදහස් දිනට එරෙහිව යාපනේ උද්ඝෝෂණයක්…

Spread the love
  •  
  •  
  •  
  •  

යාපනය දිස්ත්‍රික් නිදහස් දින සැමරුම අද (04) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණ අතර ඒ අවස්ථාවට එක්වූ උතුර පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.කේ.සිවාජිලිංගම් සහ ආනන්දී ශෂීදරන් ඇතුළු පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට ඒ 9 මාර්ගයේ විරෝධතාවයේ නිරත වී තිබේ. එහිදී ඔවුන් අතුරුදන්වූවන් සොයා දීම සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිය විරෝධය දක්වා තිබේ.. එහිදී ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දෙමළ දේශපාලන සිරකරැවන් නිදහස් කරන ලෙස මෙන්ම විදේශීය පරීක්ෂණ, විදේශීය විනිසුරුවරුන් ගෙන්වා පැවැත්විය යුතු බවට තමන් ඉල්ලා සිටින බවයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!