“නෑ කියූ මහා හොරකම එක පිට එක හෙළිවෙයි – අර්ජුන්ගෙ ලැප්ටොප්  දුරකතන සියල්ල සාක්‍ෂියි”

“නෑ කියූ මහා හොරකම එක පිට එක හෙළිවෙයි – අර්ජුන්ගෙ ලැප්ටොප් දුරකතන සියල්ල සාක්‍ෂියි”

Spread the love
  •  
  •  
  •  
  •  

අර්ජුන් ඇලෝසියස් විසින් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස නියෝග කර තිබෙනවා. 2015 සහ 2016 කාලවලදී භාවිතා කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත.මේ වන විට රටේ ආන්දෝලනයට තුඩුදී තිබෙන බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා, බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.අදාළ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) දිනයේ ලබාදුන් සාක්ෂි අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම උපකරණ ලබාදෙන ලෙසයි නියෝග කර ඇත.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!