නැතිවුන අය සොයන්න එක්සත්ජාතීන් ලංකාවට එයි

නැතිවුන අය සොයන්න එක්සත්ජාතීන් ලංකාවට එයි

Spread the love
  •  
  •  
  •  
  •  

මේ දිනවල ජිනීවාහිදී පැවැත්වෙන බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ තත්වය සොයා බැලීම සඳහා පස්දෙනෙකුගෙන් යුුත් ක්‍රියාකාරී කණ්ඩායමක් අගෝස්තු මස 03 වනදා දින සිට 12 වන දින දක්වා මෙරට සංචාරයක නිරතකරවීමට තීරණය කර තිබේ.
පසුගිය 06 වැනිදින ආරම්භ වූ මෙම සාකච්ඡාව ලබන 15 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර රටවල් 30 ක අතුරුදන් වීම් සම්බන්ධ පැමිණිලි 400 ක් පමණ මෙහිදී අවධානයට යොමුකර තිබේන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට අමතරව මොවුන් ජුනි මස 01 වන දින සිට 10 වන දින දක්වා පේරු රාජ්‍යයේත්, නොවැම්බර් මස 16 වන දින සිට 20 වන දින දක්වා තුර්කියේත් සංචාරය කිරීමට නියමිතය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!