“නැට්ට නැති බල්ලෝ වාගේ කෑ ගහන්න එන්න එපා…!” -ඇමති ඩිලාන් බලු වලිගෙ පැටලෙයි

“නැට්ට නැති බල්ලෝ වාගේ කෑ ගහන්න එන්න එපා…!” -ඇමති ඩිලාන් බලු වලිගෙ පැටලෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උඩින් කාක්කන්ට පියාසර කරන්න පුළුවන්. ඔලුව උඩ ඕන නම් කුඩු හදන්නත් පුලුවන් හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඔලුව උඩ කුඩු හදලා අසුචි දාන්න ආවොත් එක්සත් ජාතික පක්ෂයේ එවනුන්ට අපි කියනවා අපි නිකම් ඉන්නේ නැහැ. අපි පවුරක් වගේ එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ එවුන්ටත් නිසි පාඩම් උගන්වනවා යැයි මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා හාලිඇල අද (13) පැවති ජන හමුවක දී පැවසීය.දැන් තියන රජය අපිට ටිකක් හුරු නැති රජයක් නයයි මුගටියයි එකතු වෙලා ඉන්නේ. රජයේ ගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකොට පක්ෂ දෙකෙන් එකකටවත් තනියෙන් ආණ්ඩුවක් පිහිටවන්න මිනිස්සු බලය දුන්නේ නැහැ. රටේම ඡන්ද ගත්තම යු.එන්.පි එකට 106 යි වැඩි අපිට 95 යි ඒ පාර්ලිමේන්තු මැතිවරණය ඔබට මතකයි මම යු.එන්.පි එක පරද්දන්න වහ කුප්පි අරගෙන ගියා මාධ්‍ය ඉස්සරහට වහ පොවන්න උන්ට. තාම අහනවා සමහර අය. ළගදිත් දාලා තිබුණා කාටුන් එකක් වහ කුප්පිත් එක්ක මාව. මම වහ කුප්පි එන්න නල්ලතන්නනියේ බලන් ඉන්නවා. මම වැඩිපුර ඉන්නේ කාටුන් වල නල්ලතන්නියේනේ. ඔව් මම තාමත් නල්ලතන්නියේ තමයි ඉන්නේ. ඇයි? මම තාමත් හිතනවා නල්ලතන්නියේ ඉදගෙන සිරිපාදේ වදින්න රත්නපුරේන් එන අයයි හැටන් පාරේ එන අයයි එකතු කරලා අපේ පක්ෂය එකතු කරලා යු.එන්.පි පරද්දන්න පුලුවන් කියලා. මම තාමත් හිතනවා. ඒ නිසා මම තාමත් නල්ලතන්නියේ තමයි ඉන්නේ යැයි වැඩිදුරටත් කීවේය.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!