නාමල් රාජපක්‍ෂත් ජනාධිපතිවරණයට ඇප මුදල් බැදලා

නාමල් රාජපක්‍ෂත් ජනාධිපතිවරණයට ඇප මුදල් බැදලා

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ සඳහා ඇප තැන්පත් භාර ගැනීම අද (06) දහවල් 12.00ට අවසන් වූ අතර පසුගිය ජනපතිවරනයේ තරග වැදුණ නීතීඥ නාමල් රාජපක්ෂ (මහින්දගේ පුතු නොවේ) ද මෙවර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය. එල්.ඒ.එම්. හිස්බුල්ලා, එම්.කේ. සිවාජිලිංගම්, තිස්ස කුට්ටිආරච්චි, නාමල් රාජපක්ෂ, ප්‍රියත් මුතිගන් එදිරිසිංහ යන අපේක්ෂකයින් ද ඇතුලත් ය.  මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කලේ මෙවර ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයින් 41 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඇප තැන්පත් කරනු ලැබූ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙයයි.නීතීඥ නාමල් රාජපක්ෂ 2015 ගියවර ජනපතිවරණයට ටෙලිෆෝනය ලකුනින් ඉදිරිපත්වී ඡන්ද 15726 ක් ලබාගත් අතර 4 වැනියා විය.ඔහුගේ නම අගට රාජපක්ෂ සටහන්වීම නිසා ඇතැමුන් මහින්ද රාජපක්ෂගේ නමට පැටලී ගියවර ඡන්දය ප්‍රකාශ කර තිබූ බවට විශ්ලේෂණ වලදී කියැවිණි.මෙවරද ඔහුගේ නම ගෝඨාභය රාජපක්ෂගේ නම සමග පැටලීමෙන් කිසියම් ඡන්ද ප්‍රමාණයක් ඔහුට වාසි ආකාරයට ලැබීමට ඉඩ තිබේ.

(Visited 140 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!