නාඋලෙන් අතුරුදහන් වූ සිසුන් දෙදෙනා යාපනෙන් හමුවේ

නාඋලෙන් අතුරුදහන් වූ සිසුන් දෙදෙනා යාපනෙන් හමුවේ

Spread the love
  •  
  •  
  •  
  •  

නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ සිසුන් දෙදෙනෙකු ඉකුත් 14 වන දින සිට අතුරුදන්ව සිට ඇති අතර ඔවුන් දෙදෙනා යාපනය නගරයේදි පොලිසියට හමු වී ඇති බව දන්වා ඇතැයි නාඋල පොලිසිය සදහන් කරයි.
දරුවන්ගේ අතුරුදන්වීම පිළිබදව දෙමාපියන් විසින් ඉකුත් 15 වන දින නාඋල පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබේ.
නාඋල පෙනලබොඩ පදිංචි ඩී.එම්.සචින්ත බණ්ඩාර දිසානායක සිසුවා පාසලේ 9 වන වසරේ ඉගෙනුම ලබන අතර අනෙක් සිසුවා නාඋල කණුමුලයාය පදිංචි ඒ.ජී.එස්.එස් අඹගස්පිටිය වන අතර ඔහු පාසලේ 8 වන වසරේ අධ්‍යාපනය ලබයි.
දරුවන් භාර ගැනිම සදහා යාපනය පොලිසිය වෙත පැමිණෙන ලෙස දෙමාපියන්ට දන්වා ඇතැයි නාඋල පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය මගින් පරික්ෂණ පැවැත්වේ.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!