නව ව්‍යවස්ථාව ෆෙඩරල් එකක්.. සම්පන්දන් රහසක් කියයි…!

නව ව්‍යවස්ථාව ෆෙඩරල් එකක්.. සම්පන්දන් රහසක් කියයි…!

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

අනිවාර්යයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත එකක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අවධාරණය කර ඇත.
කොළඹදී පැවැති තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අතරතුර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ.
විශේෂඥ කණ්ඩායම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් මහතා පෙන්වා දී තිබේ.
බලතල බෙදාහැරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදුව තිබෙන බවත් එහිදී අවධාරණය කර ඇති සම්පන්දන් මහතා මධ්‍යම ආණ්ඩුවට යළි පවරා ගත නොහැකි ලෙස පළාත් සභාවලට බලතල බෙදී ගොස් ඇති බවද ‍‍ප්‍රකාශ කර තිබේ.
උතුරු නැඟෙනහිර පළාත් ජනතාවගේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුව තිබෙන අතර සංකල්ප හා වචන වෙනුවෙන් හිතුවක්කාරී නොවිය යුතු බවද ඒහිදී මන්ත්‍රිවරයා මධ්‍යම කාරක සභාවට පැහැදිලි කරදී තිබේ.
ඒහෙයින් එක් එක් අය තමන්ට හැඟෙන ප්‍රකාශ සිදු නොකළ යුතු බවද එම ප්‍රකාශ දකුණේ ඇතැම් පාර්ශ්ව තම සටන් පාඨ බවට යොදා ගැනීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27 වැනිදා) පවති උත්සවයකදී ද පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානය ඒ්කීය ශ්‍රී ලංකාවක් යන්න පිළිගෙන තිබෙන බවකි.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!