නන්නත්තාර වූ එජායේ තවත් පට්ටපල් බොරුවක් සාමාජ ගතවෙයි..!

නන්නත්තාර වූ එජායේ තවත් පට්ටපල් බොරුවක් සාමාජ ගතවෙයි..!

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම අභියෝගයට ලක් කරමින් පවරා තිබූ නඩුව විභාග නොකරම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය පියවර ගැනීමත් සමඟ එජාපයේ මන්ත්‍රිවරු මාධ්‍ය ඉදිරියේ අපූරු කතා මවන්නට පටන්ගෙන ඇතැයි, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ කෝට්ටේ ‘වියත් මඟ’ කාර්යාලයේදී ශ්‍රී  ලංකා පොදුජන සන්ධානය ඉකුත් (5දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි. රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයන් දෙදෙනකු වන වියන්ගොඩ සහ තේනුවර යන දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම අභියෝගයට ලක්කරමින් නඩුවක් ගොනුකර තිබුණා. මේ නඩුව එජාපයේ වුවමනාවට සිදුකළ එකක්. නමුත් අද විවිධ අය කියනවා. මේ නඩුවට එජාපය හවුල් නෑ කියලා. එජාපයේ මන්ත්‍රිවරුන්ට ලෙහෙසියෙන් පරාජය කළ හැකි අපේක්ෂකයාත්, වඩා කැමැතිම අපේක්ෂකයාත් ගෝඨාභය රාජපක්ෂ මහතාලු. ඒත් ඒ අය නඩුව පරාජය වෙලා මාධ්‍ය ඉදිරියට එන්නේ නයා මැරුණු අහිගුණ්ඨිකයා වගේ.  ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් වීම වළක්වන්න බොරු නඩු පවරන්න කියලා සොලිසිටර් ජනරාල්වරියට බලපෑම් කළේ ඇයි කියන කාරණය එජාපය රටට පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ සමඟම ඉකුත් 27දා සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් කළ ඉදිරි දින 50 ඇතුළත පුළුවන් නම් ගොන් කතා පහක් නොකියා ඉන්න කියලා.

(Visited 73 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!