නදීෂා ගේ ඇඟේ තිබු පිරිමි රෝම කූපය ඔස්‌සේ අපරාධ පරීක්‍ෂණ

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

නදීෂාඋකුවෙල, බන්නැහැක වලව්වේ උපාධි අපේක්‌ෂිකාවගේ අභිරහස්‌ ඝාතනය ඇගේ සිරුරේ දැවැටී තිබී හමුවූ පිරිමි රෝම කූපය ඔස්‌සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
පසුගිය මැයි මස 24 දින උකුවෙල, බන්නැහැක වලව්වේ උපාධි අපේක්‌ෂිකා 24 හැවිරිදි ලලනි නදීෂා වරාපිටිය ඝාතනයට ලක්‌විය.
ඇගේ වැඩිමහල් සොයුරාගේ විවාහ මංගල්‍ය උත්සවය 24 දින උකුවෙල, වරාපිටිය බන්නැහැක වලව්වේ පැවැත්විණි. මංගල ප්‍රිය සම්භාෂණයට සහභාගිවූ පිරිසකගෙන් සහ වලව්වේ පදිංචිකරුවන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සාක්‌ෂි සටහන් කර ඇත.
ලලනි නදීෂා වරාපිටිය නමැති තරුණියගේ මරණය හිසට මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ මරණයක්‌ බව මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩී. එල්. වෛද්‍යරත්න මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත.
ඝාතනය කිරීමට පෙර ඇය දූෂණයට ලක්‌ව තිබේද යන්නද පරීක්‍ෂණ පැවැත් වේ. ඩී. එන්. ඒ. පරීක්‍ෂණය සඳහා ලබාගත් සිරුරේ කොටස්‌ වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමුකර ඇත.
ඇගේ සිරුරේ දැවටී තිබූ පිරිමි රෝම කූපය ඔස්‌සේ අභිරහස්‌ මරණයේ තොරතුරු සොයා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වති.
ලලනි නදීෂා වරාපිටිය නමැති තරුණියගේ අභිරහස්‌ ඝාතනය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සාක්‌ෂි ලබාදීමට ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා ඉදිරිපත්වී සිටිති.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!