ධීවර කර්මාන්තයටත් කණකොකා හඬන ලකුණු

ධීවර කර්මාන්තයටත් කණකොකා හඬන ලකුණු

Spread the love
  •  
  •  
  •  
  •  

තායිවානය, මැලේසියාව වැනි රටවලින් ‘පරිභෝජනයට නුසුදුසු’ මසුන් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
2014 වසරේදී මෙට්‍රික් ටොන් 50,000 ක්, 2015 වසරේදී මෙට්‍රික් ටොන් 150,000 සහ 2016 වසරේදී මේ වන විට මෙට්‍රික් ටොන් 75,000 ආදී වශයෙන් මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාව වෙත මාළු ආනයනය කොට ඇති බවත් වසරකට සෑහෙන ආනයනික මත්ස්‍ය තොග රට තුළ ගබඩා කර ඇතැයි බවත් හෙළිවේ. එවැනි ‘පරිභෝජනයට නුසුදුසු’ ආනයනික මාළු තොග ප්‍රධාන මත්ස්‍ය වෙළඳපළ හරහා රට අභ්‍යන්තරයට බෙදා හැරෙන බවට තොරතුරු ආනාවරණය වේ.
මෙම තත්වය දිගින් දිගටම පැවතියහොත් ශ්‍රී ලංකාවේ මාළු පරිභෝජනය කරන්නන් සංඛ්‍යාව අඩු වනු ඇති බවට අනතුරු සංඥා නිකුත් වෙමින් ඇත. මේ අතර යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ගත වනු ඇතියි ධීවර අමාත්‍යාංශය පවසන කරුණු සත්‍යයෙන් තොර බවත් මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය තවමත් තීරණය කර නොමැති බවත් කරුණු අනාවරණය වේ.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!