ධනංජයගේ පියාට වෙඩි තැබූ පාතාල නායකයා හෙළිවෙයි…

ධනංජයගේ පියාට වෙඩි තැබූ පාතාල නායකයා හෙළිවෙයි…

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද ලෙස කටයුතු කල කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්‍ෂයට පත්වූ අතර වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලැබූහ.සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමඟ කතා කරමින් සිටියදී නාගරික මන්ත්‍රීවරයා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12 ක් පමණ දක්නට ඇතැයි පොලීසිය පවසයි .මේ අතර මේ වන විට අණාවරණය වී ඇත්තේ රන්ජන් සිල්වා මහතාට වෙඩි තැබීමේ සිද්ධිය පාතාල කණ්ඩායමක් විසින් සිදු කර ඇති බවයි.පොලිස් විශේෂ කාර්ය බලකා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අංජු නමැති පාතාල නායකයාට අයත් පිරිසක් වෙඩි තැබීම කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.වෙඩි තැබීම සිදු කර ඇත්තේ, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු බව හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.තුවාලකරුවන්ගෙන් එක් අයෙකු දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා ධීවරයෙකි.ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

(Visited 103 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!