ද.අප්‍රිකානුවන්ට  දැවැන්ත පරාජයක් හිමි කර දුන් සිංහ පැටව් නැවතත් විජයග්‍රාහී ගමනක..!

ද.අප්‍රිකානුවන්ට දැවැන්ත පරාජයක් හිමි කර දුන් සිංහ පැටව් නැවතත් විජයග්‍රාහී ගමනක..!

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් ඒක්දින තරගයෙන් ලකුණු 178ක දැවැන්ත.. ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 300ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 24.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 121ක් පමණි. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 299/8ක් රැස්කිරීමට සමත්විය.විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97ක් රැස්කිරීමට සමත්වූයේ පන්දු 97කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් හා හයේ පහරක් ඇතුළත් විය.දික්වැල්ල (43), ධනංජය (30), කුසල් මෙන්ඩිස් (38) පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්වූහ.ලකුණු 300ක ජයග්‍රාහී ඉලක්කයක් හඹ යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ක්යින්ටන් ඩි කොක් ලකුණු 54ක් රැස්කිරීමට සමත්වූ අතර ඒ.කේ. මර්ක්‍රම් ලකුණු 20ක් රැස්කිරීමට සමත්විය. සෙසු කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය පන්දුවාර 9කදී ලකුණ 39ට කඩුලු 6ක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව තරගයේ වීරයා සම්මානයද අකිලට හිමිවිය.කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!