දෝහා අනතුරින් තුවාල ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් මිය ගිහින්

දෝහා අනතුරින් තුවාල ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් මිය ගිහින්

Spread the love
  •  
  •  
  •  
  •  

කටාර්, දෝහා කාන්තාර ප‍්‍රදේශයේ පසුගිය 30 දා සිදු වූ ජීප් රථ අනතුරකින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක මියගොස් තවත් සේවක සේවිකාවන් තිදෙනකු තුවාල ලබා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රද්ෙදාළුගම පදිංචිව සිටි ඇමෙන්ඩ‍්‍රා ද කව් (20* නමැති තරුණියකි.

මෙම අනතුරින් තුවාල ලැබූ අනෙක් සේවිකාව සහ සේවකයන් දෙදෙනා ඊයේ (01* මෙරටට පැමිණි බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

මිය ගිය ගුවන් සේවිකාවගේ මෘත ශරීරය ඊයේ (01* දින මෙරටට ගෙන එ්මට උත්සාහ කළ නමුත් එසේ නොහැකි වුවහොත් අද (02* දිනයේදී මෘතදේහය මෙරටට ගෙන එ්මට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම අනතුර සම්බන්ධයෙන් ශ‍්‍රීලන්කන් එයාර්ලයින්ස් ගුවන් සමාගම විසින් පූර්ණ විමර්ශන වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර හෝකන්දර ප‍්‍රදේශයේ පසුගියදා සිදුවූ ගුවන් අනතුරින් මිය ගිය ගුවන් නියමු වසන්ත අබේවර්ධනගේ් බිරිඳ වන නියෝමි අලූත්ගමගේ මහත්මිය ද සිටී. මීට අමතරව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන මොහාන් වික‍්‍රමසූරිය මහතා ද මියගිය ගුවන් සේවිකාවගේ පෙම්වතා වන හිලරි පෙරෙයිරා මහතා ද අනතුරින් තුවාල ලබා තිබිණ.

මෙම සේවක පිරිස පියාසර අංක යූ.එල්. 218 ශ‍්‍රීලන්කන් ගුවන් යානයේ සේවය කරමින් සිටිය දී කටාර් දක්වා පැමිණ ඇති අතර ඔවුන්ගේ විවේක කාලයේ දී දෝහාහි සී-ලයින් වැලි කතරේ සවාරියක යෙදමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබේ. මෙම සවාරිය සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක සේවිකාවන් සිව්දෙනා සමග තවත් දෙදෙනකු ජිප් රථයකින් එක්ව ඇත.

දෝහාහි සී-ලයින් වැලි කතරේ චාරිකා සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයන සමාගම මෙම අනතුර වගකීම භාර නොගන්නා බව එරට මාධ්‍ය සඳහන් කර තිබිණ. මෙම පිරිස පෞද්ගලික ජිප් රථයකින් සහ පෞද්ගලික රියදුරකු යොදාගෙන මෙම සවාරිය ගොස් තිබීම එයට හේතුව ලෙස දක්වා තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් දෝහාහි ‘හමාද්’ රෝහලේ ප‍්‍රතිකාර ලබා පසුව ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.
ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි/ රංජිත් ෆර්ඩිනැන්ඩස්

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!