දොස්තර නෝනා හා සහයකයා මරණයට පත් කළ රියදුරුට ඇප

Spread the love
  •  
  •  
  •  
  •  

වෛද්‍යවරියක් සහ තවත් අයෙකු මරණයට පත් කරමින් පුත්තලම හලාවත මාර්ගයේ බත්තුළුව ප‍්‍රදේශයේ පෙරේදා සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රියැදුරා ඇප මත මුදාහැර තිබෙනවා.  පවසන්නේ හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් නිශ්ශංක නායාක්කාර මහතා විසින් මෙම රියැදුරාට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් නියම කළ බවයි.

 

තිස්සමහාරාම කාසිගම  ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු පානදුර ප‍්‍රදේශයේ උත්සව භාණ්ඩ කුලියට දෙන ස්ථානයකට අනුයුක්තව සේවයේ යෙදී සිටියා. අදාළ අනතුර සිදු වූයේ ඔහු විසින් ධාවනය කෙරුණු ලොරිය ගිලන් රථයක් සමග ගැටීමෙන්. මරණයට පත් වූ වෛද්‍යවරිය සහ අනෙක් පුද්ගලයා කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලට රෝගී දරුවෙකු ඇතුළත් කර එම ගිලන් රථයෙන් ආපසු පැමිණෙමින් සිටියා.

 

ගිලන් රථයේ රියැදුරා එහි සිටි හෙදියක් සහ සාත්තු සේවිකාවක්ද එහිදී තුවාල ලැබුවා.

 

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!