දේශපාලන ලෝකය කැළඹු සංගා ගැන අලුත්ම පුවතක්..!

දේශපාලන ලෝකය කැළඹු සංගා ගැන අලුත්ම පුවතක්..!

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ලෝක ප්‍රකට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති ලෙසින් කටයුතු කරන හිටපු ශ්‍රී  ලංකා නායක කුමාර් සංගක්කාරගේ නිල කාලය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඔහුගේ දැනුම සහ සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වන අතරම ඉන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) ඉහළම තනතුර වෙත සංගක්කාර වෙත අනුග්‍රහය දැක්වීමට ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා ඇත.  විදෙස් මාධ්‍ය සමඟින් දුරකථන සංවාදයකට එක්වෙමින් මෙම අදහස් පළ කර තිබූ ක්‍රිකට් ආයතන ලේකම්වරයා “එංගලන්ත මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපතිත්වය දරන ශ්‍රී  ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටතම නායකයකු සහ ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාරගේ එහි නිල කාලය අවසාන වීමෙන් අනතුරුව ඔහු සතු අති විශිෂ්ට දැනුමත්, හැකියාවත් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා ගැනීමේ අපේක්ෂාවක් අපට තිබෙනවා වගේම ඉන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉහළම තනතුරක් දක්වා සංගක්කාර ගෙන යෑම වෙනුවෙන් අවශ්‍ය අනුග්‍රහය දැක්වීමත් අපගේ ප්‍රධානතම බලාපොරොත්තුවක්. ඒ අනුව ශ්‍රී  ලාංකිකයකු මෙතෙක් අයි.සී.සී. සභාපතිත්වයට පත්වී නොමැති පසුබිමක අයි.සී.සී. සභාපතිත්වයට පත් වීමට වඩාත්ම සුදුසු සහ ගැළපෙනම ශ්‍රී  ලාංකිකයා සංගක්කාර බවයි අපගේ හැඟීම. කෙසේ නමුත් අපි ඔහුගේ නම යෝජනා කළහොත් අනෙකුත් සාමාජිකයන්ද ඊට සහයෝගය දක්වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් පවසා තිබිණි. 

(Visited 279 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!