“දේශපාලන ලෝකයම කැළඹෙයි -හිටපු ජනපතිගේ මුණුබුරා බැසිල් හමුවෙයි”

“දේශපාලන ලෝකයම කැළඹෙයි -හිටපු ජනපතිගේ මුණුබුරා බැසිල් හමුවෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති, දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා ඊයේ (28) නෙළුම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ බව වාර්තා වේ.රවි ජයවර්ධන මහතාගේ පුත්‍රයා වන ප්‍රදීප් ජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙයකු වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය කාලයේදී පත් කර තිබිණි.ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව දේශපාලන කටයුතු සිදුකිරීමට කැමැත්තෙන් සිටින බව බසිල් රාජපක්ෂ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රදීප් ජයවර්ධන මහතා සඳහන් කර තිබේ.ශ්‍රීලනිප සංවිධායක ධුරය ලැබුණු පසු ගම්පහ දිස්ත්‍රික්කය පුරා පසුගිය කාලයේදී දේශපාලන කටයුතු සිදුකළ බවත්,වත්මන් ආණ්ඩුව කිසිදු සංවර්ධන ව්‍යපෘතියක් එම දිස්ත්‍රික්කයේ සිදුකර තිබෙන ආකාරයක් තමන් නොදුටු බවත් ජයවර්ධන මහතා සඳහන් කර ඇතැයිද වාර්තා වෙයි.

(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!